මේෂ
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. රාජකාරි බහුලයි. නව නිර්මාණ ක්‍රියා අරඹයි. තරමක් වගකීම් බහුල වෙයි. නිදහස සීමා වෙයි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. හදිසි ධන ලාභ දෙයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග දේ. ශුභ වර්ණය – තද රෝස – ජය අංකය – 05
වෘෂභ
ක්‍රියාකාරකම් බහුලයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට ද සිදුවේ. රාජකාරි කටයුතුවලදී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. අමතර ලාභ ලැබීම් ගෙන දෙයි. මුත්‍රා රෝග මේහ රෝග මතු කරයි.
ශුභ වර්ණය – දුඹුරු – ජය අංකය – 01
මිථුන
රාජකාරි ස්ථානවල පැවති බාධා ඉවත් කරගැනීමේ අවස්ථා යෙදේ. ආගමික උත්සව සාද යෙදේ. තරමක් වැය පස ඉහළ යයි. වගකීම් මත අවිවේකය මතු කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ආමාශගත රෝග මූල රෝග මතුවේ.
ශුභ වර්ණය – කොළ – ජය අංකය – 03
කටක
අවිවේකී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියා කාරකම් බහුල දිනකි. සතුරු බලපෑම් දමනය වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. තරමක් වැයපසද ඉහළ යයි. හදිසි ධන ලාභ ගෙන දෙන දිනකි. සිරස රෝග උෂ්ණ රෝග මතු කරයි.
ශුභ වර්ණය – සුදු – ජය අංකය – 04
සිංහ
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. බෙහෝ කොට හුදකලාව ගත කරයි. මිතුරන් සමග සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මාරුවකට හේතු මතුවෙයි. ස්නායුගත රෝගවලට හේතුයි.
ශුභ වර්ණය – තැඹිලි – ජය අංකය – 01
කන්‍යා
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලසකම ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි. ශුභ වර්ණය – රන්වන් – ජය අංකය – 06
තුලා
තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමග තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ බාධා මතු කරයි. ණය තුරුස් වීමට ද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල්වල රෝග අශීස් රෝග මතුවේ.
ශුභ වර්ණය – ක්‍රීම් – ජය අංකය – 07
වෘශ්චික
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජිකයන් සමග තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග සිරසගත රෝග මතුවේ. ශුභ වර්ණය – රතු – ජය අංකය – 08
ධනු
ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන් ද අධික වීමෙන් වැය පසද ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වල ද යෙදෙන අතර හදිසි ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.
ශුභ වර්ණය – කහ – ජය අංකය – 02
මකර
ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාරවලින් ජය ගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන් ගෙන් උදව් උපකාර ලබයි. නේත්‍ර රෝග මුඛ රෝග සාදයි.
ශුභ වර්ණය – නිල් – ජය අංකය – 08
කුම්භ
රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවේ. තමාට ද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතු වේ.
ශුභ වර්ණය – දම් – ජය අංකය – 07
මීන
ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල පැවති අඩුපාඩු දැනගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභ ගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධන ලාභ ද ලබයි. සෙම් ආශ්‍රිත රෝග පෙණහලු රෝග මතුවේ. ශුභ වර්ණය – තැඹිලි – ජය අංකය – 09
Saru FM Media