පිළිස්සුණු පෑන් එකක් පිරිසිදු කරන නිවැරදි ක්‍රම

0
12


ආහාර පිසින විට ඔබ විවිධ වර්ගයේ භාජන සහ සාස්පාන් වර්ග භාවිතා කරනවා. බොහෝ වෙලාවට මේ සාස්පාන් වර්ග එහෙමත් නැතිනම් පෑන් වර්ග පිළිස්සුම් වලට ලක්වෙනවා. ඒවා ඉවත් කර ගැනීමත් තරමක් අපහසු කාර්යයක්. අද අපි ඔබට කියන්නේ පිලිස්සුණු පෑන් එකක් ( මළ නොබැඳෙන වානේ ) හරියාකාරව පිරිසිදු කර ගන්නේ කොහොමද කියලයි.

මෙය දැනටමත් ලෝකයෙ බොහෝ දෙනා භාවිතා කරන පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යවලින් අත්හදා බලන්න පුළුවන් ක්‍රමයක්.විනාකිරි සහ ජලය සමාන කොටස් වලින් මිශ්‍ර කර එයට baking soda මේස හැදි දෙකක් පමණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.එය පිලිස්සුණු පෑන් එකට එකතු කර විනාඩි පහළොවක් පමණ පෙගෙන්නට හරින්න. විනාඩි පහලවකට පසුව මිශ්‍රණය පෑන් එකෙන් ඉවත් කර හොඳින් සෝදන්න

මෙය ඉතා ජනප්‍රිය සහ පහසු ක්‍රමයක්. ලෙමන් ගෙඩි එකක් හෝ දෙකක් ගෙන පෙති කපා ගන්න. එය පිළිස්සුනු පෑන් එකට දමා එයට වතුර එකතු කරන්න.ඉන්පසුව පෑන් එක ලිප තබා ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තබාගෙන විනාඩි දහයක් පමණ තිබෙන්නට හරින්න.ස්වල්ප වේලාවකට පසුව පිලිස්සුණු ද්‍රව්‍ය ජලය මත පාවෙන ආකාරය දැක ගන්නට ඔබට පුළුවන්. ඉන්පසුව ලෙමන් කැබලි සහ ජලය ඉවත් කර පෑන් එක හොදින් ස්ක්‍රබ් කර සෝදා හරින්න

පිලිස්සුණු පෑන් එකට ලුණු කුඩු , දෙහි යුෂ, පිඟන් සේදුම් දියර සහ උණු වතුර එකතු කරන්න. විනාඩි කිහිපයක් එය තිබෙන්නට හැර සෙමෙන් ස්ක්‍රබ් කරමින් සෝදා හරින්න.

පිලිස්සුණු පෑන් එකට baking soda තුනී ස්තරයක් ඉසින්න . ඉන්පසුව ලෙමන් ගෙඩියක් දෙකට කපා එහි ඇතුල් පැත්තෙන් පෑන් එක හොඳින් අතුල්ලන්න. ඉන් පසුව මද වේලාවක් එසේම තිබෙන්නට හැර සාමාන්‍ය ආකාරයට ස්ක්‍රබ් කරමින් පෑන් එක සෝදා හරින්න

පිළිස්සුනු පෑන් එක මතට හොඳින් ලුණු ඉසින්න.ඉන්පසුව තෙත ස්පොන්ජ් එකක් ගෙන පෑන් එක හොඳින් ස්ක්‍රබ් කරන්න.පිළිස්සුනු කොටස් ඉවත් වන තුරු කිහිප වරක් මෙය සිදු කළ හැක

මේ වගේ පුංචි පුංචි උපක්‍රම භාවිතා කරලා පිළිස්සුනු පෑන් එකක් පිරිසිදු කරගන්න දැන් ඔබට පුළුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here