කච්චතිව් සංචාරයෙන් ජනපති අනුර මුළු ඉන්දියාවටම පණිවුඩයක් දීලා – ඉන්දීය මාධ්‍ය කියයි

0
9

කච්චතිව් සංචාරය හරහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමිල්නාඩුවට නොව ඉන්දියාවටම පණිවුඩයක් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකා ජනපතිවරයකු පළමු වතාවට මෙම දූපතට පැමිණීම ගැන ඉන්දීය මාධ්‍ය විශේෂ අවධානයක් යොමුකර තිබේ. ජනපතිවරයා මේ ගමන සිදු කළේ තලපති විජෙයි පසුගිය 21 වැනිදා මදුරාසි නගරයේ පැවති මහජන හමුවකදී කච්චතිව් නැවත ඉන්දියාවට පවරා ගත යුතු යැයි පැවසීමෙන් සති දෙකකට පසුවය. කච්චතිව් දූපතේ කළ සංචාරයේදී ජනාධිපතිවරයා ශාන්ත අන්තෝනි දේවස්ථානයට සහ නාවික කඳවුරකට ද ගියේය. යාපනයට ආපසු පැමිණි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රජය “අනාගත පරම්පරාව සඳහා භූමිය, දූපත, ජලය සහ අහස ආරක්ෂා කරන” බවයි.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here