‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026’ ට කැබිනට් අනුමැතිය

0
3

‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026’ ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

2023 වර්ෂයේදී සංශෝධනය කරනු ලැබ ඇති ජාතික ඛනිජ ප්‍රතිපත්තිය, වර්තමාන රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘ තිරසර සම්පත් භාවිතාවක් – උපරිම ප්‍රතිලාභ ජනනයක්’ යන තේමාව යටතේ වන ප්‍රතිපත්ති මූල ධර්මයන්ට අනුගතව නැවත යාවත්කාලීන කර ඇති බව සඳහන් වේ.

‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය’ ප්‍රථම වරට සකස් කරනු ලැබ ඇත්තේ  1999 වර්ෂයේදීය.

ඉපසුව නැවතත්, ඛනිජ සම්පත් සම්බන්ධ යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීම, ඛනිජ අපනයනය කිරීම සඳහා අගය එකතු කිරීම, ඛනිජ ආශ්‍රිත කර්මාන්ත කරුවන් දිරි ගැන්වීම, ඛනිජ සම්පත් නිස්සාරණය හා පරිසරය තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ ඛනිජ සම්පත් නිස්සාරණයේදී මතු වන ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම වැනි කරුණු ආවරණය කරමින් 2023 වර්ෂයේදී ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here