නුවරඑළිය ග්‍රෙගරි වැව අසබඩ සමාජ සාදයේ 32ක් මත්ද්‍රව්‍ය රැසක් සමග දැලේ

0
2

දීපවාලී නිවාඩුවේ නිමිත්තෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව හතරවන අදියරේ සංවිධානය කර තිබෙන ඉන්ද මූමන්ට් සමාජ විවෘත විනෝද සැණකෙළිය සඳහා සහභාගි වීමේ අපේක්ෂාවෙන් කුෂ්, අසිස්, හෙරෝයින්, වී.අයි.ආර්.පී. ගැබ්ලින් මත් පෙති සන්තකයේ තබාගත් වයස අවුරුදු 18ත් 28ත් අතර තරුණ තරුණියන් 32 දෙනෙක් නුවරඑළිය හා කොත්මලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව මහතා පවසයි.

සති අන්ත නිවාඩුව වෙනුවෙන් සංවිධානය කරනු ලබන සමාජ විවෘත සාදය තුළ නොයෙකුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් සහභාගී වන බවට ලැබුණු තොරතුරු මත නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය‍ පොලිස්පති පියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධ්‍යක්ෂ ජී.බී.ජේ.එස්.චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ හා සහාකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, ගම්පහ, වැල්ලම්පිටිය, දෙමටගොඩ සහ මහනුවර පුද්ගලයන් බවද පවසන පොලිසිය සැකකරුවන් සන්තකයේ තිබී සමාජ ශාලාවල බහුලව වශයෙන් භාවිතා කරනු ලබන අසිස් හෙරෝයින් වී.අයි.ආර්. පී. ගැබ්ලින් මත් පෙති සොයාගැනීමට හැකි වූ කියා සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි හතර දෙනාගෙන් පහළොස් දෙනෙකු 18දා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර අනෙකුත් සැකකරුවත් 19දා අධිකරණය වෙත ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී. සජීව මහතා පැවසීය.
නාලක රත්නායක – නුවරඑළිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here