සහෝදරත්වයේ පණිවුඩය ලොවටම බෙදන ආලෝකයේ දිනය දීපවාලි අදයි

0
2

සැමට ආදරය සතුට මිත්‍රත්වය සහ සහෝදරත්වයේ පණිවිඩය ලබාදෙන දීපවාලි උත්සවය අදට (20දාට) යෙදී තිබේ. අඳුර මත ආලෝකයේ ජයග්‍රහණයත්, අයහපතට එරෙහිව යහපතත්, අවිද්‍යාවට එරෙහිව දැනුමත් සංකේතවත් කරන මෙම උත්සවය ලොව පුරා වෙසෙන හින්දු බැතිමත්හු අද ඉමහත් ගෞරවයෙන් සමරති.

ආලෝකයේ උත්සවයක් ලෙස හින්දු, ජෛන සහ සික් ජාතිකයෝද මෙම උත්සවය ඉන්දියාව පුරා පවත්වති.

රාම සීතා සහ රාම විෂ්ණු, දුර්ගා ශිව, කාලී හනුමාන්, කුබෙර, ලක්ෂ්මි සහ ගනේෂ යන දෙවිවරුන් සම්බන්ධ වූ උත්සවයක් ලෙස ද හැඳින්වෙන මෙම දීපවාලි උත්සවය රාම සහ ඔහුගේ සහෝදරයා වන ලක්ෂ්මන් ලක්දිවට වැදී මහා රාවණ රජු පරාජය කර තම බිරිඳ වූ සීතා දේවිය රැගෙන වසර 14 කට පසු ඉන්දියාවේ මහා භාරතය ලෙසින් හැඳින් වු ආයෝධ්‍යාව නම් සිය රාජධානියට ආපසු පැමිණි දිනය ලෙසද හැඳින්වේ.

ප්‍රීතිමත් හා සතුටේ උත්සවයක් ලෙස දින 05 ක් පුරා හින්දු බැතිමතුන් සමරන මෙම උත්සවයේ දී යොදා ගන්නා ප්‍රධාන සැරසිලි අංගයන් ලෙස දියාස් (තෙල් පහන්) සහ රංගෝලි ( වර්ණවත් කලා කව රටා) දැක්විය හැකිය. උත්සවයට පෙර නිවසේ සහ සේවා ස්ථානවල මෙම දියාස් (තෙල් පහන්) සහ රංගෝලි ( වර්ණවත් කලා කව රටා) වලින් සරසමින් සූදානම් වීම ඔවුන්ගේ සිරිතක්ය.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here