දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන දැනුම් දීමක්

0
3

අද දිනයේත් (10)  පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ජනතාවට හිමිවේ.

දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රද­ර්ශ­නය හෙට (11) පෙර­වරු 6.00න් අව­සන් කර නැවත ඉන්දි­යාව බලා වැඩම කර­වී­මට නිය­මි­තය.

මේ නිසා අද (10) රාත්‍රී 10න් පසුව සර්ව­ඥ­ධාතු වන්දනා කිරීම සඳහා පෝලි­ම්ව­ලට එක්වී­මෙන් වළ­කින ලෙස ගංගා­රාම විහා­රා­ධි­පති ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් බැති­ම­තු­න්ගෙන් ඉල්ලා සිටියි.

දෙව්නි මෝරි ස්වර්ඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අතිවිශාල පිරිසක් නොකඩවා පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් අදත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ පසුගිය 04වැනිදා පස්වරුවේ ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කරවනු ලැබීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවන ලදී.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, මෙම ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට ශ්‍රී ලාංකික ජනතාවට උදා වී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here