ඊශ්‍රායල – හමාස් සටන් විරාමය කැඩෙයි

0
3

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රාෆා නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ .
ඒ , හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්
ගාසා තීරයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඔක්තෝබර් මාසයේ මුලදී ඇති කරගත් ගිවිසුමට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයෙන් ඉවත් විය යුතුව තිබේ . එහෙත් රාෆා ඇතුළු ඇතැම් ප්‍රදේශවල රැඳී සිටීමට ඔවුන්ට අවසර ලැබී ඇත.

එම අවසරය මත , රාෆා නගරයේ ඊශ්‍රායල ආරක්ෂක අංශ රැඳී සිටින ප්‍රදේශයට හමාස් විසින් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසා ඇත .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here