ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි අඟහරුවාදා සිරගත කිරීමට නියමිතව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුරෝපා සංගම් රටක හිටපු ප්‍රධානියෙකුට සිර දඬුවම් නියම වූ පළමු පුද්ගලයා ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා බවය.
ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට පසුගිදා වසර පහක සිර දඬුවමක් නියමකළේය.
ඒ 2007 මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවීම සඳහා ගඩාෆිගෙන් ලැබුණු අරමුදල් භාවිතා කළ බවට එල්ලවූ චෝදනාවකය.
Saru FM Media