විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයට පැමිණ සිටියදී, ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යළි පිවිසුම කරා යාමට නොහැකිව සිටි දෙස් විදෙස් සංචාරකයින් 30කට අධික පිරිසක් වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.
ගමන්ගත් මාර්ග කැඩීයාම හේතුවෙන් එම පිරිසට නැවත එළුවන්කුලම පිවිසුම වෙත පැමිණීමට නොහැකි වී ඇත.
ඒ අනුව වනජීවි නිලධාරීන් පැමිණ සෆාරි රථ යොදාගනිමින් ඔවුන් නිරුපද්‍රිතව නැවත රැගෙනවිත් තිබේ.
රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලා ඔයෙන් ගලා ආ දැවැන්ත ජල කඳක් හේතුවෙන් එළුවන්කුලම පිවිසුම අවට ප්‍රදේශය අඩි 6කට වඩා ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර මෙම පිරිසට පැමිණීමට නොහැකිව සිට ඇත.
Saru FM Media