හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රාෆා නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ පවසන්නේ, ගාසා තීරයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
මෙම මස මුලදී ඇති කරගත් ගිවිසුමට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයෙන් ඉවත් විය යුතු වුවද, රාෆා ඇතුළු ඇතැම් ප්‍රදේශවල රැඳී සිටීමට ඔවුන්ට අවසර ලැබී ඇත.
ඒ අනුව රාෆා නගරයේ ඊශ්‍රායල ආරක්ෂක අංශ රැඳී සිටින ප්‍රදේශයට හමාස් විසින් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රමුඛ තුවක්කුකරුවන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200ක් පමණ ඝාතනය කර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ මෙහෙයුමක් දියත් කළේය.
එතැන් සිට මේ දක්වා ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 68,000ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
Saru FM Media