බැකෝ සමන්ගේ බිරිඳ අධිකරණයේ දී දරුවා ගැන කළ දැනුම්දීම

0
7

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට සිය තෙහැවිරිදි දැරිය අධිකරණයට රැගෙන ආ අතර අධිකරණය කළ විමසීමකදී සැකකාරිය සඳහන් කළේ තම දරුවා රැක බලාගැනීම සඳහා සිය දෙමව්පියන්ට භාර දෙන බවය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here