අවසන් මහා තරගය ශ්‍රී ලංකාවට අහිමි වෙයි 

0
3

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල ජපානය හමුවේ ලකුණු 12 – 15ක් ලෙස තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කොළඹ තුරගතරග පිටියේ පැවති මෙම තරගයේ ආරම්භයේ සිට ජපානයට ප්‍රබල සටනක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

ඒ හේතුවෙන් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 5-5ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ සිටියදීය.

මේ අතර මෙම තරගාවලියේ මෙහි අනෙක් අවසන් පූර්ව තරගයෙන් චීනය පරාජය කර ලකුණු 29 -12ක් ලෙස පහසු ජයක් ලැබීමට හොංකොං කණ්ඩායම සමත් විය.

ඒ අනුව ජපානය හා හොංකොං අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, එම තරගය අද පස්වරුවේ පැවැත්වේ.

කෙසේ නමුත් අවසන් පූර්ව වටයේ දී පරාජය වූ ශ්‍රී ලංකාව හා චීනයට තෙවන ස්ථානය වෙනුවෙන් තරගවැඳීමට අවස්ථාවක් ඇති අතර, එම තරගයද අද පස්වරුවේ නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here