රෑට ඇත්තටම යට ඇඳුම් අවශ්‍ය ද කියලා ඔබටත් හිතෙනවා ද? ඒත් සමහර අයට අන්ඩර්වෙයාර්ස් නැතුව නින්ද නොයන තත්ව තිබෙනවා. තවත් අයට මෙහෙම හිතෙනවා. “මොනවාහරි ගැටලුවක් වෙලා රාත්‍රියේ එළියට යන්න වුණොත්? යට ඇඳුම් නැතුව යන්නේ කොහොමද?”
අන්න ඒ නිසා සමහරුන්ට නිදා ගන්න යට ඇඳුම් අවශ්‍යයි. ඔබ රාතීයට අදින යට ඇඳුම් ඔබේ ප්‍රජනන සෞඛ්‍යයට සහ ඔබේ නින්දේ ගුණාත්මක භාවයටද බලපානවා. ඒ නිසා රාත්‍රීයට යට ඇදුම් ඇදීම සුදුසු ද කියල ඔබම තීරණය කළ යුතුයි..මේ ලිපියේ කරුනු එහිදී ඔබට වැදගත් වේවි..
වෛද්‍යවරුන්ගේ බහුතර මතය ඔබ රාත්‍රියට යට ඇඳුම් භාවිතා නොකරන තරමට යහපත් බවයි. ඒ නිසා ඔබ රාත්‍රී කාලයේ දී යට ඇඳුම් භාවිතයට හුරු නැත්නම් එය වරදක් වන්නේ නැහැ.මේ ලිපිය යට ඇඳුම් ඇඳීම පහසුවක් ලෙස සලකන යුවතියන්ට පමණයි.
මෙය ඇඟට තද නිසා ඔබේ ප්‍රජනන සෞඛ්‍යයට නරක ලෙස බලපාන්න පුලුවන්.
කොට්න් යට ඇඳුම් ඇඟට ඉතා පහසුයි.රාත්‍රියේදී ඔබේ යෝනි මාර්ගය නැවුම්ව තබා ගැනීමට කොට්න් යට ඇඳුම් වලට පුලුවන්.යෝනි මාර්ගයේ
තෙතමනය නැති කර යීස්ට් වර්ධනය අධෛර්යමත් කරන්නත් ඒවා සමත් වෙනවා
ඉලාස්ටික් පටි සහිත යට ඇඳුම් ඔබට අපහසුතා ගෙන දිය හැකියි.ඔබේ සමට වඩාත් පහසු වන බැවින් මැහුම් රහිත කලිසම් තෝරා ගන්න.
අපිරිසිදු සහ දවස පුරා ඇඳ සිටි ඇඳුම් රෑ අඳින්න එපා. එය ඔබේ යෝනි ප්‍රදේශයේ බැක්ටීරියා වර්ධනයට හේතුවක්.
ඔබට රාත්‍රියේ බ්‍රා එකක් අඳින්නම අවශ්‍ය නම් වයර් සහිත සහ ලේස් රෙද්දෙන් සැකසූ ඒවා අඳින්න එපා. ඔබේ පියයුරු විශාල නම් පැඩඩ් නොවන සාමාන්‍ය වර්ගයේ බ්‍රා එකක් ඇඳ නින්දට යාම ඔබට පහසුවක් වේවි.කොට්න් වර්ගයේ බ්‍රා වඩාත් සුදුසුයි.
1. Sports bra
2. Bikini Panties
3. Cotton short
4. Cotton Boybrief Undie
5. High Cut tummy cotton pants
මතක තබා ගත යුතුම දෙය. ඔබ මේ යට ඇඳුම් ලා පාට වලින් පමණක් තෝරා ගන්න. ලේස් සහ විලාසිතා සහිත ඒවා ගැළපෙන්නේත් නැහැ. ඒ නිසා ඔබේ සෞඛ්‍ය ගැන හිතමින් ලා පැහැ සහ ඉහත සඳහන් මෙටීරියල් වල පමණක් රෙදි තෝරා ගන්න.
හැමවිටම පහසුවත් සෞඛ්‍යාරක්ෂිත බවත් අංක එක බව හිතන්න.
Saru FM Media