බලංගොඩ භික්ෂුවගේ ආධාරයට කුමන්ත්‍රණකරුවන් රැසක් – Saru News | සිංහල

0
3

වෙරළ සංරක්ෂණ නීතිය කැඩීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිස වෙනුවෙන් ඉදිරිපත් වී සිටින ඇතැම් නීතිඥවරුන් සහ ආධාරකරුවන් කුමන්ත්‍රණකාරීව ක්‍රියා කරන බව තහවුරු වී තිබේ.

චූදිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු ඇප අයදුම්පත් වෙනුවට අභියාචනාධිකරණයට ඉදිරිපත් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම මෙන් ම, අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ යුතු කරුණු එසේ ඉදිරිපත් නොකර, මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බව ද තහවුරු වී තිබේ.

එම පිරිස ගෙන යන වැඩපිළිවෙල මෙසේ ය

  • මහාධිකරණය ඉදිරියට ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට අවහිර වන සේ අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සම් ගොනු කර තිබීම
  • අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සම් විභාග වන බව පවසා මහාධිකරණයෙන් අදාළ ඇප අයදුම්පත් සම්බන්ධයෙන් ඉදිරි දින ලබා ගැනීම
  • එම ක්‍රියාවලිය තුළ අදාළ වගඋත්තරකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ ගත කරන කාලය දීර්ඝ වීම
  • අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ යුතු කරුණු එසේ ඉදිරිපත් නොකර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම
  • රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිසගේ පවුල්වල සාමාජිකයන් සහ ඥාතීන්ගේ අනුදැනුමකින් තොරව, වෙනත් බාහිර පාර්ශව මෙම නඩුවට මැදිහත් වී සිටීම

වැනි කරුණු රැසක් පිළිබඳව මේ වනවිට තහවුරු වී තිබේ.

විශේෂයෙන් ම, වගඋත්තරකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වී සිටින නීතිඥවරු නිසි ආකාරයේ නීති කටයුතු මෙහෙයවීමෙන් තොරව කල් මරණ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here