ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

0
11


70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා. නිවැරදි ප්‍රමාණයට නොගැළපෙන බ්‍රා ඇඳීමෙන් ඔබට ලැබෙන අවාසි බොහොමයි. ඔබ අඳින්නේ ඔබට නොගැළපෙන සයිස් බ්‍රා එකක් ද ? අපි ඒ ගැන කතා කරමු.

ප්‍රමාණය තරමට වඩා කුඩා නම්,

පපු ප්‍රදේශයට අපහසුවක් දැනීම.
සම තද වී වේදනා ඇතිවිය හැකි වීම.
නිසි හැඩයෙන් තොර වීම.
අනවශ්‍ය මාංශපේශී කැපී පෙනීම.
පටිවලට සහ දාර වලට සිරුර කැපී යා හැකි වීම.
පෙනුම අවලස්සන වීම

ප්‍රමාණය තරමට වඩා විශාල නම්,

එල්ලෙනසුළු බවක් දිස් වීම.
පෙනුම අවලස්සන වීම
දීර්ඝ කාලීන භාවිතයෙන් හැඩය වෙනස් විය හැකි වීම.

ඔබට බ්‍රා එකකින් සිරුරට ලැබිය යුතු අනුබලය වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ underband එකෙන්. එය විශාල වූ විට හෝ කුඩා වූ අවශ්‍ය අනුබලය ලැබෙන්නේ නෑ.
කණ්ණාඩියක් ඉදිරිපිට සිට ගෙන මෙය ඔබට නිවැරදිව දැනගත හැකියි. පැත්තට හැරී බලන විට, පිටෙන් ඉඩ ඉතිරි නම්, තද නම් හෝ එම පටිය එසවී ඇත්නම්, නිවැරදිව තිරස්ව පිහිටා නැත්නම්, ඔබ ඇඳ සිටින්නේ නිවැරදි ප්‍රමාණයේ බ්‍රා එකක් නොවේ. එය ඔබේ පියයුරුවල හැඩය විකෘති කර පෙන්වනවා.

ඔබ බ්‍රා එක ගැලවූ පසු ඉතා තද වේදනාවක් දැනේ නම්, සමෙහි බ්‍රා එකෙහි දාරවල සහ පටිවල පාර ඇත්නම්, ඔබ ඇඳ සිටිනා සයිස් එක නිවැරදි නෑ. ඉක්මනින් නිවැරදි ප්‍රමාණයේ බ්‍රා එකක් තෝරාගත යුතුයි. මක් නිසාද මෙය සෞඛ්‍යමය වශයෙන් දීර්ඝකාලීනව සිදු වීම යහපත් නොවන බැවින්.

අනිත් සියලු මිනුම් නිවැරදි වුවත්, ඔබ ඇඳ සිටින බ්‍රා එකෙහි cup එකෙහි හිස් ඉඩ ඇති බව ඔබට දැනේ නම්, නිරීක්ෂණය කළ හැකි නම්, එම බ්‍රා එක ඔබට සුදුසු ප්‍රමාණයක් නොවේ. මෙවන් ආකාරයේ බ්‍රා ඇඳීමෙන් පසු ටී ෂර්ට් වැනි ඇඳුම් ඇඳීමෙන් අවලස්සන පෙනුමක් ගෙන දෙනවා. නිවැරදි කප් සයිස් එක තෝරාගත යුත්තේ ඒ නිසා.

මේ කාරණාවට හේතු වන්නේ ඔබේ බ්‍රා කප් එක ඔබට මදි බවයි. ඇඟට තද ඇඳුම් ඇඳීමේදී මෙවන් බ්‍රා එකක් ඇන්ද විට අවලස්සන පෙනුමක් ගෙන දෙනවා. ඉක්මනින් නිවැරදි ප්‍රමාණයේ බ්‍රා එකක් කරා මාරු විය යුතුයි.

ඔබ හැඳ සිටින්නේ නිවැරදි ප්‍රමාණයේ බ්‍රා එකක් නම්, ඔබට නිතර නිතර පටි සකසන්නට වුවමනා වන්නෙ නෑ. නමුත් ඔබට එසේ සිදු වනවා නම්, එනම් කොතරම් සැකසුවත් පටි තද හෝ ලිහිල් බවක් දැනෙනවා නම්, ඒ ඔබේ නිවැරදි ප්‍රමාණය නොවේ.

බොහෝ රෙදිපිළි වෙළඳසැල්වල මේ ගැන විශේෂ දැනුමලත් වෙළඳ සේවිකා මහත්මීන් ඉන්නවා. එහෙත් අවශ්‍ය නම් ඔබට නිවසේදී ම මේ ප්‍රමාණය සකසා බලන්නට පුළුවන්.

Band size
ඉහළ ඉන පෙදෙසේ, පපුවට යටින් වටේ ප්‍රමාණය මැනගන්න.
මෙය අඟල් වලින් ලියාගන්න.
දැන් ඔබට ලැබුණේ ඉරට්ටේ අගයක් නම් 4ක් එකතු කරන්න.
ඔත්තේ අගයක් නම් 5ක් එකතු කරන්න.

උදා –
ඔබේ ඉහළ ඉණ වටා දිග – 26 නම්,
26 + 4 = 30
ඔබේ ඉහළ ඉණ වටා දිග – 27 නම්,
27 + 5 = 32

Cup size

ඔබේ පියයුරුවල වඩාත් ම පිරුණු තැන අසලින් වටේ ම දිග මැනගන්න. ආසන්නත ම පූර්ණ අගය ලියාගන්න.
දැන් මෙම අගයෙන් පළමු අගය අඩු කරන්න.
පිළිතුර 1 නම් A
පිළිතුර 2 නම් B
පිළිතුර 3 නම් C
පිළිතුර 4 නම් D

සෑම මාස හයකට වරක් ම ඔබේ පියයුරුවල ප්‍රමාණය නැවත මැන බලන්න. ඉන්පසු ඔබ දැන් අඳිනා ප්‍රමාණය ඒ හා ගැලපේදැයි බලන්න. දිනපතා ඇඳීම සහ සේදීම නිසාත්, සිරුරේ ප්‍රමාණය වෙනස් වීම නිසාත් ඔබේ පියයුරුවල ප්‍රමාණය සහ බ්‍රා එකෙහි ප්‍රමාණය හැමදාම එක ම විදියට තිබෙන්නේ නෑ. ඒ නිසා අනිවාර්‍යයෙන් ඒ ගැනත් සැලකිලිමත්වන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here