පාකිස්තාන – ඇෆ්ගනිස්තාන සටන් විරාමයක් !

0
4

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයට එකඟ වී ඇතැයි කටාර් විදේශ අමාත්‍යාංශය ඊයේ (18) ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡා වටයකදී මෙම තීරණයට එළැඹි බව බර්නමා ( bernama ) පුවත් වාර්තා කර තිබේ .
දෙරට අතර උද්ගත වූ දේශසීමා ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දෙරටේ නියෝජිතයින් සමග ඊයේ කටාර්හි දෝහා අගනුවර දී ආරම්භ විය.
ගත වු සතියේ ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ පැය 48ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබුණ ද එම කාලසීමාව තුළ ද දෙපාර්ශවය අතර වෙඩි ප්‍රහාර හුවමාරුවීම් වාර්තා වී තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here