කොරෝනා වයිරසය ලෝකය පුරා පැතිර යන මේ කාලේ අපි හැමෝගෙම අතේ මාස්ක් කීපයක් තියෙනවා. අපේ හැඩකාර පෙනුමට මේක ගැටළුවක් උනත් ආරක්ෂාව ගැන හිතලා මාස්ක් එක පළඳින්නම වෙනවා. විලාසිතා නිර්මාණකරුවන් හැම අවස්ථාවකටම ගැලපෙන විලාසිතා නිර්මාණය කරනවා. ලෝකය පුරා face mask වලට කරපු විලාසිතා ගැනයි කතා කරන්නේ. දැනට අපේ රටේ මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැති වුණාට ඉදිරියට සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරපු මේ වගේ දේවල් වෙළඳපොලේ තියේවි. විලාසිතා නිර්මාණකරුවන් තම පැවැත්ම සඳහාත්, වෙළෙඳපොළ පවත්වා ගැනීම සඳහාත්, සෞඛ්‍ය කණ්ඩායම් වලට ආධාර කිරිම සදහා වගේ අරමුණු වලට නිෂ්පාදනය කරන විවිද විලාසිතා තිබෙනවා. මාස්ක් ගැන කතා කරන මේ ලිපිය ඔබේ දැනුම වැඩි කිරීම පිණිසමයි.
ඕර්ගැන්සා රෙද්දෙන් මහල තියෙන මේ mask එක වටේට හැඩ කරන්න පොඩි රැලි සහිත පටියකුත් අල්ලලා තියෙනවා. අතින් නිෂ්පාදනය කරන මේ මාස්ක් සෞඛ්‍ය සහ පාරිසරික ආරක්ෂණ ප්‍රමිතීන් වලට අනුකූල බව තමයි කියන්නේ.
ඉහතින් කතා කරපු ඕර්ගැන්සා මාස්ක් එකේම තවත් දියුණු කරපු ක්‍රමයක් තමයි මේ mask එක. මෙහිදී මාස්ක් එක බෙල්ල වටා සහ හිස වටාත් ව්‍යාප්ත වෙනවා. අතින් සෝදලා කීප වරක් පාවිච්චි කරන්න පුළුවන් බව කියනවා.
එකිනෙකට ගැලපෙන්න හැඩට අඳින්න කාන්තාවන් කැමති නිසාම mask එක සමග තොප්පියක් එන මේ විලාසිතාව නිෂ්පාදනය කරන්නේ නයිජීරියාවේ. එරටටම ආවේණික විශේෂිත කපු රෙදි වර්ගයකින් තමයි නිශ්පාදනය කරන්නේ. නිෂ්පාදනයට භාවිතා කරන ද්‍රව්‍ය තිරසාර ද්‍රව්‍ය වන අතර කාන්තාවන් විසින් අතින් සායම් කර හැඩ ගන්වයි. තොප්පිය සඳහා පමණක් සැටින් හා සිල්ක් යොදා ගනියි.
සීයට සීයක්ම සේද රෙදි වලින් නිමවා රැලි අල්ලලා තියෙන මේ mask එක විශේෂ අවස්ථාවකට හෝ රාත්‍රී උත්සව අවස්ථාවකට ගැලපෙන්න තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ mask එකටම ගැලපෙන්න පොඩි අත් බෑග් එකකුත් තියෙන නිසා වැම්පයර් බිරිඳකගේ පෙනුමක් එනවා කියලා තමයි නිෂ්පාදකයෝ නම් කියන්නේ. ඒ ඒ රටවල සංස්කෘතියට ගැලපෙන ලෙසත් මාස්ක් නිෂ්පාදනය කරන්න විලාසිතා නිර්මාණ ශිල්පියෝ සමත් වෙලා තිබෙනවා.
බොහෝ කාන්තාවන් mask සඳහා ආසාත්මිකතා දක්වන අතර ඒ නිසා කුරුලෑ ලප කැලැල් වැනි දේ ඇති වීමට විසඳුමක් ලෙස බැක්ටීරියා නාශක ගුණය යුත් සැටින් ලයිනින් අල්ලා ඇත. පිටතම ස්ථරය සිල්ක් වලින් නිමවා ඇති මෙහි ගලවා ඉවත් කළ හැකි රත්තරන් මාලයක් ද ඇත. වෛද්‍ය නිර්දේශ වලින් තොර වුවද මුව ආවරණය ලෙස දවස පුරාම භාවිතා කළ හැකි බව කියවෙනවා.
මේ විලාසිතාව යටතේ ඔබටම අනන්‍ය වූ mask එකක් ලබාගන්න පුළුවන්. නිෂ්පාදකයන් එක මෝස්තරයකින් වෙළඳපොළට එකතු කරන්නේ ඉතා සීමිත නිෂ්පාදන ප්‍රමාණයක් පමණයි. රෙදි හෝදන මැෂින් එකෙන් සෝදා නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන් මේ mask එකට ඔබට අවශ්‍ය නම් ෆිල්ටරයක් ඇතුළු කරන්න පුළුවන්. කන දෙපසින් ගැට ගසන දිගු පටි නිසා මුහුණු ආවරණය මගින් අඩු වී යන ඔබේ පෙනුමට අලුත් හැඩයක් එකතු කරනවා.
නිව්යෝක් නගරය මූලික කරගත් වෙළෙඳ සන්නාමයක් මඟින් නිෂ්පාදනය කරන මේ mask ලෝකේ තියෙන වසංගත තත්ත්වයට ගැළපෙන සේ වැඩිදියුණු කර නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන කුඩා දරුවන් ඇතුළු සියලු දෙනාගේ ප්‍රමාණ වලට ගැලපෙන ලෙසත්, අඩු මිලකටත්, සෝදමින් නැවත පාවිච්චි කල හැකි සේත් වෙළඳපොලට පැමිණෙනවා. මේවාගේ වර්ණ ලබා ගැනීම සඳහා රතු ගෝවා වැනි ස්වභාවික ද්‍රව්‍ය පාවිච් කරනවා. අලංකාරය සඳාහා එක් පසෙකින් ගැට ගසන පටිය වඩාත් දිගු කර නිපදවනවා.
ස්තර තුනකින් යුක්ත මෙහි පළමුවන ස්තරය රැලි සහිත වෙයි. ඉතුරු ස්ථර හොඳ වායු හුවමාරු සහිත මෘදු කපු වලින් නිමවා ඇත. ඉදිරිපස කෙළවරක කැරට් දාහතර ස්වර්ණාලේපිත වෙළඳ සන්නාමයක් ඇත.
සම්පූර්ණයෙන්ම සිල්ක් වලින් නිමවා ඇති මෙහි සිල්ක් ස්තර දෙකක් ඇත. කන වටා පහසුවෙන් පැළඳීමට හැකිවන සේ සිල්ක් වලින් නිමවූ කුඩා පටියක් ද, mask එක ඉදිරිපස සිට පිටුපස දක්වා දිගු වී හිස පිටුපසින් ගැට ගැසිය හැකි පටිවලින් යුක්තයි.
සීයට සීයක් කළු පැහැති සිල්ක් වලින් පමණක් නිෂ්පාදනය කරයි. මෙය මාස්ක් එකක් මෙන්ම ස්කාෆ් එකක් ලෙසද ක්‍රියා කරයි. නාසය හා මුව ආවරණය කරන කොටසේ ඇතුල් පැත්තෙන් පෙරහනක් ඇත. හොඳින් ඇදෙන සුළු නිෂ්පාදනයක් වන මෙහි කන සඳහා වෙනම සිදුරු ඇති අතර ස්කාර්ෆ් එකක් ලෙස බෙල්ල සහ හිස ආවරනය කර ගැට ගැසීම සඳහා දිගු පටියක් ඇත.
Saru FM Media