අධ්‍යාපන ප්‍රතිසංස්කරණ – සෑම වසරකම ශ්‍රේණි දෙක බැගින්… රජය සැලසුම ඇමති නලින්ද කියයි… – Saru News | සිංහල

0
3

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ සෑම වසරකම ශ්‍රේණි දෙක බැගින් විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීමට රජය සැලසුම් සකස් කර ඇති බවත් ඉදිරි වසර 03ක කාලය තුළදී අනෙකුත් ශ්‍රේණිවලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ අනුව, මෙම වසරේදී පළමු ශ්‍රේණියේ සහ 06 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බවත්, ලබන වසරේ 02 ශ්‍රේණියේ සහ 07 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

එමෙන්ම 2028 වසරේදී 03 සහ 08 ශ්‍රේණි සඳහාද, 2029 වසරේදී 04 සහ 09 ශ්‍රේණි සඳහාද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවද, ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ 09 වන ශ්‍රේණිය තෙක්ම සමස්ථ විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය කිරීම සිදුවන බවද ඔහු සඳහන් කරයි.

මෙම ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය මාලාවන් සංවර්ධනය සඳහා අධ්‍යාපන විශේෂඥයින් සම්බන්ධ වී ඇති බවත්, පළමු වසරේ ප්‍රතිසංස්කරණ මේ වනවිට ආරම්භ වී ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here