චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධ නඩුව මාර්තු 16 වැනිදාට කල් යයි

0
4

චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ තෙවන අදියරේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් තීරණය ලබන මාර්තු 16 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් වන නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (09) පෙරවරු 09.30ට කැඳවන ලදී.

එහිදී මෙම සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කෙරෙනු අතර කැණීම් කළ ඇති ස්ථානවල පිරී පැවැති වැසි ජලය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

ඉන් අනතුරුව එම ස්ථානය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා එහි ඊළඟ නඩු විභාගය ලබන මාර්තු 16 වැනිදා සිදු කිරීමටත් එදිනම සමූහ මිනීවළෙහි තෙවන අදියරේ කැණීම් සඳහා දින නියම කරන බවත් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් නියෝග කළේය.

මේ අතර යාපනය මහා රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් තෙවන අදියරේ කැණීම් කටයුතු සඳහා වියදම් ඇස්තමේන්තුව ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here