සමේ පැහැයට ගැලපෙන ලිප්ස්ටික් කලර් එක හරියටම තෝර ගන්නේ මෙහෙමයි

0
16


තොල් ආලේපන කියන්නේ ගැහැණු ළමයින්ගේ ප්‍රියතම මාතෘකාවක්. ලිප්ස්ටික් නිසා ඔබ ලස්සන වෙනවා තමයි.හැබැයි ලිප්ස්ටික් පාවිච්චි කරන්න කලින් ඔබ සැලකිය යුතු දේවල් කිහිපයක් තියන බවත් මතකයේ තියා ගන්නම ඕන..

සමේ වර්ණයන් ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තිබෙනවා.

අඳුරු පැහැති ලිප්ස්ටික් නම් ඔබට කොහොමටවත් ගැලපෙන්නේ නැහැ. නමුත් පැහැපත් සහ අඳුරු බව අතර ඇති වර්ණ ඔබට හොඳින් ගැලපෙනවා. Apricot, ලා දුඹුරු, තැඹිලි සහ Coral වැනි වර්ණයන් ඔබට හොඳින් ගැලපෙනවා.

මේ සම ලා දුඹුරු පැහැතියි. මෙය පැහැපත් සහ අඳුරු බව අතර පිහිටන වර්ණයකි. මේ සමට දුඹුරු පැහැයේ සිට පීච් පැහැය දක්වා ලිප්ස්ටික් වර්ණයන් භාවිතා කළ හැකියි.

අඳුරු සමක් හිමි යුවතියකට දුඹුරු සහ Berry වර්ණයන්ගෙන් යුක්ත වූ ලිප්ස්ටික් හොඳින් ගැලපෙනවා.

තද අඳුරු සමක් පිහිටි යුවතියකට දුඹුරු, දම් සහ රතු පැහැති ලිප්ස්ටික් වර්ණයන් හොඳින් ගැලපෙනවා.

මේ විදියට ලිප්ස්ටික් තෝරා ගත්තට පස්සේ ඔබ දෙතොල ලස්සන කරගන්න මේ විදියට පිළිවෙලකට දෙතොල් ආලේපන කර ගන්න. ලිප්ස්ටික් එක විතරක්ම පාවිච්චි කරාට ලස්සන දෙතොලකට හිමිකම් කියන්න බෑ.මෙන්න මේ ආකාරයට දෙතොල් හැඩ කරගන්න. මේවා පාවිච්චි කරන්න.

අද හැමෝම වගේ lip liner pencil එකක් පාවිච්චි කරනවා. Lip liner pencil එකෙන් ඔබේ තොලේ ස්වභාවික පෙනුම වැඩි කරලා දෙනවා. ඒකෙන් ඔබේ තොල ලොකු නැත්තම් පොඩි කරලා පෙන්නන්නේ නම් නැහැ. ස්වභාවික තොලේ පෙනුමේ අඩු පාඩු හදලා දෙනවා.

lip liner එකෙන් ඉරක් විදිහට ඔබේ තොලේ මත අඳින්න. lip liner අඳිනකොට පෙනෙන නොපෙනෙන විදිහට අඳින්න. තොල් ආලේපනයට ගැළපෙන පාටක් වෙන්නත් ඕන. ඔබ පාවිච්චි කරන තොල් ආලේපනය පාටට වඩා තද පාටක් වෙන්න ඕන. lip liner එකින් ඔබේ තොලේ හැඩයට ඇඳ ගන්න. Lip liner එකෙන් ඔබේ දෙතොලට මනා නිමාවක් ගෙනල්ලා දෙනවා.

තොල් ආලේපන වර්ණය බුරුසුවක් ආධාරයෙන් තොල මත ආලේපනය කරන්න. පළමුව පහළ තොලේ මැද හරියෙන් පටන් අරන් දෙවනුව උඩු තොලේ තොල් ආලේපනය තවරන්න. තොලේ කොන් වල අලේප කරන කොට බුරුසුවේ පැත්තක කෙලවර උදව්වට ගන්න. දිගු වෙලාවක් තියා ගැනීමට නම් ටිෂූ කඩදාසියක් තොල් දෙක මත තියලා තද කරන්න. පසුව නැවතත් පෙර ලෙසට බුරුසුවක් උදව් වෙන් තොල් ආලේපනය ආලේප කරන්න.

Lip gloss අලේප කිරීම මගින් වෙන්නේ තොල් වලට. තෙතමන පෙනුමක් ලබා දීමයි.

මේ දේවල් ඔබට ලස්සන දෙතොලකට උදව් දෙනවා. ගැළපෙන වර්ණ තෝරාගෙන ලස්සනට ඉන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here