ඔබේ ස්මාර්ට් ලුක් එක වැඩිකරන සුදුසුම Office Wears හරියටම තෝරාගනිමු.

0
19


බොහෝ පෞද්ගලික අංශයේ රැකියාවල් කරන කාන්තාවන් වගේම ඉහල වෘත්තීයන් වල නිරත වන ස්මාර්ට් කාන්තාවන් අපිත් එක්ක එකතු වෙන නිසාම ඔබට රාජකාරි කටයුතුවලදී අදින්න සුදුසුම ඇදුම් වර්ග,සුදුසු ආභරණ ගැන වගේම අලුත්ම ට්‍රෙන්ඩ්ස් ගැනයි මේ ලිපිය. ඔබ ඔෆිස් අදින ඇඳුම ගැන ඔබ වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන ඒ හරහා ඔබේ ස්මාර්ට් ලුක් එක වැඩි වෙන නිසාමයි.

බහුතරයක් දෙනාට රැකියා ස්ථානවලින් dress code එකක් ( නියමිත ඇඳුමක්) නියම කරලා තියනව. නමුත් ඇඳුම් තෝරන වෙලාවට ඔබ තවමත් සමහර කාරණා නිවැරැදිව තොර ගන්න බැරිව ඉන්නව නම් මේ ලිපිය ඔබට වැදගත් වේවි.

බොහෝ විට කාර්යාලයට ඇතුලත් වීමේදී මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් කෙටියෙන් ඔබ කාර්යාලයට ඇඳිය යුතු ඇඳුම් ගැන පහත පරිදි දැනුම් දෙනව.

ඉතින් මේ කැටගරි වලට හරියටම අයත් ඇදුම් වගේම මේ කැටගරි වල ඇදුම් ඇඳිය යුතු සුදුසු අවස්ථාත් විවිධයි.

ඔබ සැලකිලිමත් විය යුතු අනෙක් කාරණය තමයි ඉහත කැටගරි වලට අයත් බොහෝ ඇදුම් පොදුවේ ඔෆිස් වෙයාර් කියන පොදු කැටගරිය තුල දකින්න පුලුවන් නිසා මේ කැටගරි වලට හරියටම අයිති මොන ඇදුම්ද කියන කරුණ.

ඒ වගේම ඒ ඇදුම් ඇදිය යුත්තෙ කුමන වෙලාවල් වලට හා අවස්තා වලටද කියලත් සමහර විට තවමත් ඔබට ගැටලු ඇති.

ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නේ ඔබට වටිනම ඒ කරුනු සම්බන්ධවයි.

business formal හෝ boardroom attire ලෙස හඳුන්වන මෙය වෘත්තීය ඇඳුමේ ඉහළම මට්ටමයි. ඔබ ආයතන ප්‍රධානියා, ආයතනයේ ඉහළම තනතුරක් දරන්නෙක්, නීතියට සම්බන්ධ වැඩ කරන කෙනෙක් හෝ නිතරම විධායක නිලධාරීන් හමු වන කෙනෙක් නම් ඔබ රාජකාරියේ දී business formal වලින් සැරසෙන්න වෙනවා. එතැනදී ඔබට ගැලපෙන මේ දේවල් ගැනත් ඊලඟ වතාවේ ඇඳුම් ගන්න වෙළඳ පළට යනකොට සැලකිලිමත් වෙන්න.

සාමාන්‍යයෙන් business professionals සඳහා සම්ප්‍රදායිකව පුරුදු උදාසීන වර්ණ වන black, navy , brown වලින් ඔබ වෙනුවෙන්ම මසන ලද pant suit (කලිසම සහ කෝට් එක සහිත කට්ටලය ) හෝ skirt suit (සාය,සහ කෝට් එක සහිත කට්ටලය)

බෙල්ල දක්වා බොත්තම් පියවිය හැකි සුදු ෂර්ට් එකක් ඔබට අවශ්‍යයි

සපත්තු – පාවහන් මිලට ගැනීම සඳහා shopping කරනකොට උදාසීන වර්ණ වන කළු, අළු, දුඹුරු හෝ taupe යන වර්ණ වලින් ඇඟිලි හොඳිඅඹරන භාවිතයේදී සැලකිලිමත් වෙන්න

ආභරණ – ආභරණ බාවිතයේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හැමෝගෙම අවධානය ඔබ වෙත යොමු වෙන නිසා, වටිනා කමින් සහ පෙනුමෙන් ඉහළ අභරණ භාවිත කරොත් ඔබේ පෞරුෂත්වය තවත් කැපී පෙනෙයි.

කොන්ඩය – හොඳින් පීරා හෝ සරල විලාසිතාවට අනුව අනුව කපල හිටියොත් තමයි business formal එකට ගැලපෙන්නෙ .

සායක් සහිත සූට් එකක් අඳිනවානම් සායේ උස ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. වඩාත් කොට නොවන දණහිස අසල උසක් පවත්වාගෙන යාම තමයි සුදුයි.

Bussines formal වලට පසුව තියෙන එදිනෙදා රාජකාරී කටයුතු වල දී වෘත්තිමය පෙනුමක් අවශ්‍ය ය අයට තමයි මේ dress code එක තියෙන්නේ. මේ ඇඳුම් වල තවමත් සම්ප්‍රදායික ලෙස පිලිවෙල සහ ගතානුගත බව තිබ්බත් මෝස්තර,වර්ණ තෝරන විට නිදහසක් තියනවා. ඒ නිසා ඔබ තෝරාගන්න වන්න වර්ණ සහ භාවිතා කරන ආභරණ මගින් ඔබට ම අනන්‍යතාවක් ගොඩනඟා ගන්න පුලුවන්.

සම්ප්‍රදායික උදාසීන (neutral) වර්ණ වන කළු දුඹුරු හෝ navy යන වර්ණ වලින් කරපු ඇඳුම් කට්ටලයක්, සායක් , top එකක්, ජැකට් එකක් තමයි bussiness formal වලදී අඳින්නෙ

සුදු හෝ තනි වර්ණයේ කොලර් එක දක්වා බොත්තම් පියවිය ෂර්ට් එකක් ඔබ ගාව තියෙන්නම ඕනි.

සපත්තු – කළු දුඹුරු වැනි උදාසීන වර්ණයේ එකෙන් වැසුනු pumps ඔබට පා වහන් ලෙස තෝරා ගන්න පුළුවන්

ආභරණ – business formal වලට වඩා මෙතැනදී ආභරණ සඳහා නිදහසක් තියෙනවා. මාලයක්, ප්‍රමානයෙන් විශාල ඔරලෝසුවක් වගේ දේවල් ඔබට තෝරාගන්න පුලුවන්.තත්වයෙන් ඉහල ආභාරණ තෝරාගැනීම ඔබේ පෙනුම වඩාත් ඉහළ නංවන්න සමත් වෙනවා

කොණ්ඩය – ඔබේ ආයතනයෙන් අනුමත වර්ණ සහ විලාසිතා සහිත ක්‍රමානූලව සකසන ලද කොණ්ඩයක් ඔබ පවත්වාගෙන යන්න ඕනි.

මේ වර්ගය ඇතැම් රටවල බහුලව පාවිච්චි කරනවා. Bussines Cassual අදින විට ඔබේ කැමැත්ත අනුව ඔබේ පෞර්ශත්වයට ගැලපෙන දේ රාජකාරියට ඇඳීමට අවස්තාව තියෙනවා. බය නැතුව වර්ණ සහ ආභරන ඇඳීමට අවස්තාව තියනවා. ඔබේ මානව සම්බන්දතා කලමනාකරන දෙපාර්තමේන්තුව මගින් පොඩි පොඩි වෙනස්කම් ආයතන අනුව කරත් ඔබේ පෙනුම තවමත් වෘත්තීයමය වෙන්න ඕනි. ඒ නිසාම මේ වර්ගය executive casual කියලාත් හඳුන්වනවා.

සායක්, කාර්ඩිගන් එකක් හෝ ජැකට් එකක් අඳින්න පුලුවන්. bussines separete කියලා හඳුන්වන මේ ඇඳුම් වර්ගය එකටම මහපු කලිසම කෝට් එකට වඩා වෙනස් උනත් තවමත් ඔබේ වෘත්තීයමය පෙනුම රැඳිලා තියනවා.

වර්ණවත් ශර්ට් සහ බ්ල්ව්ස්. මේවා ඉහතින් විස්තර කරපු බොත්තම් පියවන ශර්ට් වලට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. ඉරි, කොටු (stripes / check ) හෝ තනි වර්ණත් තෝරාගන්න පුලුවන්.

ඔබ ආසාම ️ස්ලැක්ස් සහ කාකි කලිසම් උනත් ඔබට අඳින්න පුලුවන්.

ආභරණ – ඔබට ප්‍රමාණයෙන් ලොකු හැඩකාර ආභරණ දාන්නත් පුලුවන්. එදිනෙදා වෙලඳපොලේ මිලට ගන්න පුලුවන් ගුණත්මක බවින් හෝ මිලෙන් අදික නොවන ආභරණ ඔබට ගැලපෙනවා.

සපත්තු – සපත්තු භාවිතයේදි ඇඟිලි වැහෙන සපත්තු වර්ග දාන්න පුලුවන්. ඔබට සුවපහසු Loafers, pumps, flats ඔබට දාන්න පුලුවන්. කැමති වර්ණ තෝරාගන්න අවස්තාව තිබුනත් කලු, දුබුරු, රතු, නේවි සහ අලු පාට තමයි මේ වර්ගයේ ඇඳුම් අඳින අය අතර ජනප්‍රිය පාවහන් වර්ණයන් වෙන්නේ.

කොණ්ඩය – එදිනෙදා ගමනට ගැලපෙන ලෙස වර්ණ ගන්වා, ගැටගසා, බන් එකක් ලෙස බැඳ තිබ්බත් පිලිවෙල පවත්වාගෙන යන්නත් අමතක කරන්න එපා.

ඔබට කැශුවල් ඇඳගෙන රාජකාරියට යන්න තියනවා නම් ඔයා ගොඩාක් වාසනාවන්තයි. ඒත් ඔබේ ඇඳුම් තේරීමේදි පිලිවෙල සහිත හොඳින් මැදපු ඇඳුම් තෝරාගන්න පරිස්සම් වෙන්න.

ඔබේ ඇඟට හොඳින් ගැලපෙන ටොප්ස් සහ බ්ල්ව්ස් ඔබේ ඇඳුම් එකතුවේ තියෙන්න ඕනි. මේවා ඇඟට වඩාත් තද හෝ නිරාකරණය උන ඒවා නොවිය යුතුය.

එදිනෙදා ගමනට හොදින් ගැලපෙන කපු වැනි රෙදි වලින් කරන ලද ස්ලැක්ස් හෝ සායවල් ඔබට අඳින්න පුලුවන්. ඔබට ඩෙනිම් අඳින්න අවසර තිබේනම් ඩෙනිම් අඳින්නත් පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here