නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW:
මැලිබන් ජාතික රග්බි ලීග් සූරතාවලියේ සූරතාවය සඳහා තවත් පියවරකින් සමීප වීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි වුණා.සීආර් එෆ්සී ඛණ්ඩායම ඉදිරියේ මෙවර රගර් වාරයේදී එක් තරගයක් පරාජය වී සිටි නිසා සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ඉකුත් සතියේ වැදගත්ම තරගය වූයේ තම කණ්ඩායමට යෙදී ඇති තරගයට වඩා මහනුවර සහ හැව්ලොක්ස් කණ්ඩායම් අතර පැවති තරගයයි.සීආර් කණ්ඩායම, හැව්ලොක්ස් කණ්ඩායම ඉදිරියේ පරාජය වීමෙන් මහනුවර කණ්ඩායමට පෙරමුණට පැමිණීමට හැකි වීම නිසා සීආර් ක්‍රීඩකයන්ට අවශ්‍යයව තිබුණේ මහනුවරද හැව්ලොක්ස් ඉදිරියේ පරාජය වනු දැකීමයි.ඒ නැවත ලකුණු සටහනේ පෙරමුණට එන්නට සීආර් ක්‍රීඩකයන්ට අවස්ථාවක් එයින් උදාවන නිසයි.
එහෙත් මහනුවර කණ්ඩායම සිය ප්‍රතිවාදීන් වූ හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 42 – 17 ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවා.තරගයේ පළමු අර්ධය ගෙවන විටත් ලකුණු 15-10 ක් ලෙස පෙරමුණ ගත් මහනුවර කණ්ඩායම දෙවන අර්ධයේදී තවත් ලකුණු 27 ක් රැස් කරනු ලැබුවේ හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට ලකුණු 7 ක් පමණක් ලබා ගන්නට ඉඩ දෙමින්.
සීඑච් කණ්ඩායම අතර තරගයේදී සීආර් කණ්ඩායමද ලකුණු 26-16 කින් ජය ගන්නට සමත් වුණා.පළමු අර්ධය නිමා වන විට ලකුණු 14 – 8 ක් ලෙස සීආර් ක්‍රීඩකයින් පෙරමුණ ගෙන සිටි අතර දෙවන අර්ධයේදී ද සීඑච් ක්‍රීඩකයන් ලකුඛු 8 ක් පමණක් ලැබුවා.ඒ සීආර් ක්‍රීඩකයන්ට ලකුණු 12 ක් සිය සමස්ත ලකුණු සටහනට එකතු කර ගන්නට අවස්ථාව උදා කරමින්.මෙහිදී සීආර් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම් ලකුණු ලබා ගත් ආකාරය සළකා බැලීමේදී ද මහනුවර වැඩිම උත්සාහක දිණුම් ප්‍රමාණයක් සමඟ පෙරමුණ ගෙන සිටීම ඔවුන්ට වෙනම වාසිදායක තත්ත්වයක් ඇති කරනු ලබනවා.
සුපිරි සිව්දෙනාගේ වටයට අමතරව දක්ෂතා අනුව පස්වන ස්ථානයේ සිටි අටවන ස්ථානය දක්වා වන කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් පවත්වන පළග සූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට බලාපොරොත්තු නොවුණු පරාජයක් අත් විඳින්නට සිඳු වුණා.ඒ නාවික හමුදා කණ්ඩායම වෙතින්.දෙපසට ජයග්‍රහණය දෝලනය වෙමින් පෙරට ඇදුණ තරගයේ ජයග්‍රහණය අවසානයේ තීරණය වන විට නාවික හමුදාව ලකුණු 30 ක් ලබා සිටි අතර පොලිස් කණ්ඩායම ලබා සිටියේ ලකුණු 29 ක් පමණයි.
ඒ අතර ගුවන් හමුදා කණ්ඩායම යුද හමුදා කණ්ඩායම අතර පැවති තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 25 – 12 ක් ලෙස ජය වාර්තා කරන්නට සමත් වුණා.
Saru News










