ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර හටගෙන ඇති දේශසීමා ගැටලු විසදාගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සඳහා දෙරටේ නියෝජිතයින් කටාර්හි දෝහා අගනුවර වෙත පිටත්ව ගොස් තිබේ.
වසර ගණනාවක සිට පවතින දේශ සීමා අර්බුදය මේ වන විට ගැටුම්කාරී වාතාවරණයක් දක්වා වර්ධනය වී ඇති අතර ගත වු දින කිහිපය පුරා ප්‍රහාරවලින් දෙරටේම සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් ගණනවක් මියගොස් ඇත.
ඒ අනුව පවතින තත්ත්වය විසඳා ගැනීම පිළිබඳව සාකච්ඡා සඳහා ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය විසින් එරට ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් දෝහා වෙත පිටත්කර යවා ඇති අතර පාකිස්ථාන රජයේ නියෝජිත පිරිසක් ද දෝහා නගරය වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගත වු සතියේ ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ පැය 48ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබුණ ද එම කාලසීමාව තුළ ද දෙපාර්ශවය අතර වෙඩි ප්‍රහාර හුවමාරුවීම් වාර්තා වී තිබුණි.
Saru FM Media