ඩෙනිම් කලිසම ගැහැණු ළමයි අතර ප්‍රචලිත විලාසිතාවක්. ඩෙනිම් කලිසම සිරුරට පහසු වීමත් සිරුරේ ලාලිත්‍ය මනාව ඉස්මතු කිරීමත් නිසා එය හැමෝගෙම තෝරා ගැනීමක් වෙලා අවසන්. නමුත් අපි අපට ගැළපෙන ඩෙනිම් එක තෝරා ගන්න හැමවෙලාවකම කල්පනාකාරී වෙන්න ඕනෑ.
කළු සහ නිල් පාට ඩෙනිම් එකක් ඔෆිස් අඳින්න වුණත් සුදුසුයි.ඔබට ලා පාට බ්ලවුස් එකක් එයට මැච් කරගන්න පුලුවන්.
ඒ ඇරුණම සාමාන්‍ය ගමන් සඳහා නම් කළු සහ නිල් පමණක්ම අඳින්න එපා. හොඳ මෙටීරියල් එකක විවිධ පාට අත්හදා බලන්න.
මේක හරිම වැදගත්. ඩෙනිම් වගේ ටොපික් එකක් නිතරම අප්ඩේට් වෙනවා.ඒ නිසා මේ දවස්වල ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්න බලන්න.
පැච් ඩෙනිම්ස් ලෙස අඳින්න පුලුවන්. high-waisted ripped jeans තමයි මේ දවස්වල ට්‍රෙන්ඩ් එක.
හැත්තෑව දශකයේ විලාසිතාවක් පොඩ්ඩක් වෙනස් වෙලා ඇවිත්. මේ ඩෙනිම් එකේ Navy blue ඩෙනිම් එක ඔබට වඩා හොඳින් ගැළපෙයි.
කකුල ඇඟට හිර නැති wide leg විලාසිතාවට අයත් ඩෙනිම් එකක්.
මේ ඩෙනිම් එක බොහෝ ගැහැණු ළමයින්ගේ ජනප්‍රියම විලාසිතාවක්
මේ ඩෙනිම් එකත් දිගත් නොවන කොටත් නොවන ස්ටයිල් එක නිසා ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ විලාසිතාවක්.
ඩෙනිම් එකකට ඕනෑම ටොප් එකක් ගැළපෙනවා.
කුර්තා, මැක්සි ඩ්‍රෙස්, විවිධ වර්ගයේ බ්ලවුස්, ටී ෂර්ට්, ජැකට් ඕනෑම දෙයක් ගැළපෙනවා. නමුත් ඔබේ ඩෙනිම් වර්ගය අනුව පහත රූප වල වගේ විලාසිතා කිරීම ඔබේ පෙනුම වඩා ඔප් නංවන්න හේතුවක් වේවි.
මේ ආකාරයට ඔබට ඩෙනිම් කලිසම් සහ පාවහන් මැච් කර ගන්න පුලුවන්.
ඩෙනිමක් කියන්නේ ඕනෑ තැනකට අඳින්න පුලුවන් ඇඳුමක්. හැබැයි පැච් ඩෙනිම් සහ Shorty Get Loose වර්ගයේ විලාසිතා ඔෆිස් අඳින්න එහෙම ඒ තරම් මැච් වෙන එකක් නෑ.
ඒ වගේම තමයි පැරණි නොවන ඩෙනිම් විලාසිතාව ඒ ඒ කාලයේ ට්‍රෙන්ඩ් එකට ගැලපෙන්න අඳින්න. නිතරම අප්ඩේට් වෙන්න.අපිට පහසුම ඇඳුම උනත් කාලයේ තාලයට ඇන්දොත් ඔබේ පෙනුම පොලිෂ් වෙන එක සහතිකයි
Saru FM Media