දිස්ත්‍රික්ක 11කට නිකුත්කර තිබූ නායයෑම් අනතුර ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ . ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබු එම නිවේදනය අනුව , පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගෙන මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝකළ බව සඳහන් ය .
එම නිවේදනයේ සඳහන් පරිදි , මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර හා උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය හා යටියන්තොට, මාතලේ පල්ලේපොළ සහ අඹගංකෝරළය යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවාදනයෙන් සිටින ලෙස අවවාදාත්මක අනතුරු හඟවා තිබේ .
එමෙන්ම , බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා ඌවපරණගම, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට හා දොළුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක හා රඹුක්කන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දන්වා ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව හා රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, යටවත්ත, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඉඹුල්පේ, ඇහැලියගොඩ, වැලිගෙපොළ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද විමසිලිමත්ව සිටින ලෙස දන්වා තිබේ.
Saru FM Media