බස් රථ හිමියන්ට ඇමතිගෙන් දැනුම්දීමක්!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW :

කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ රියැදුරන් සේවයට යොදා නොගන්නා ලෙස, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා බස් රථ හිමියන්ට දැනුම් දෙයි.

ඒ අනුව, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බවද අනතුරු අඟවයි. මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් පරීක්ෂාව මේ වනවිට ක්‍රියාත්මක බවද පැවසූ අමාත්‍යවරයා, ඒ යටතේ රුධිර හා මූත්‍රා සාම්පල පරීක්ෂාවට අමතරව ඛේට සාම්පල පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ද මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here