ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8දෙනෙකු අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් 6දෙනෙකු බේරාගෙන ඇති අතර සුන්බුන්වලට සිරවී ඇති තවත් පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක බව ද සඳහන් වේ.
Saru News










