1986 සිට 1994 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර ඊයේ අභාවප්‍රාප්ත විය.
මියයන විට 64 වැනි වියේ පසුවූ වර්ණවීර මහතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හිටපු භාරකරු ලෙස කටයුකු කළේය. 1986 වසරේදී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබාගත් වර්ණවීර වසර 8ක් පමණ එක්දින සහ ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර තිබේ.
වර්ණවීර ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 32ක් ලබාගෙන තිබේ.
එක්දින තරග 6කට සහභාගි වී ඇති වර්ණවීර කඩුලු 6ක් ලබාගෙන තිබේ. පසුපෙළ ක්‍රීඩකයකු වන ජයනන්ද වර්ණවීර ටෙස්ට් තරගවල ඔහු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 20කි.
ක්‍රීඩකයකුට කොපි කළ නොහැකි විලාශයකින් දඟ පන්දු යැවීමත් බොහෝ දෙනාගේ ආකර්ෂණය ලබා ගැනීමට වර්ණවීර සමත් විය.
Saru FM Media