අද දින ඔබේ දෛවය

0
3

මේෂ – ක්‍රියාශීලී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් සඳහා වෙහෙසීමට සිදු වෙයි. ආගමික උත්සව වැනි දේවලට සහභාගි වීමට අවස්ථා යෙදේ. විනෝදජනක ක්‍රියාවන් සඳහා ද යොමු වෙයි. සිරස ගත රෝග උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – තද රෝස ජය අංකය – 05

වෘෂභ – දුර ගමන් යෙදේ. ඒවා සංවිධානයට ද හේතුයි. ආගමික වතාවත් උත්සව යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දවස අවිවේකී බවක් ඇති කරයි. වැයපස ද ඉහළ යන දිනකි. සන්ධි ඉදිමුම් රෝග වාත රෝග මතු වේ. ශුභ වර්ණය – ක්‍රීම් ජය අංකය – 02

මිථුන – ක්‍රියාකාරකම් බහුල වෙයි. උත්සව සාද විනෝද ගමන් වන්දනා ගමන් වැනි දේවල් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා ක්‍රියා ද ආගමික උත්සව වැනි දේ සඳහා ද යොමුවන දිනකි. මුත්‍රා රෝග අශ්මරි රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල් ජය අංකය – 06

කටක – තරමක් ගමන් බිමන් බහුල වෙයි. ආගමික උත්සව පුද පූජා වතාවත් ආදිය ද යෙදේ. නවක මිතු දම් ඇති වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපසද ඉහළ යයි. අවිවේකීයි. සෙම් රෝග උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ ජය අංකය – 04

සිංහ – දහමට ලැදිව ක්‍රියා කරයි. දානමානාදී කුසල කර්මවල යෙදේ. වැයපස ඉහළ යයි. සුහද සිතින් ක්‍රියා කරයි. නවක මිතුදම් ඇතිවෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. ස්නායු ගත රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි ජය අංකය – 01

කන්‍යා – ගමන් බිමන් බහුල වේ. වන්දනා ගමන් ආගමික වැඩසටහන්වලට අවතීර්ණව ක්‍රියා කරයි. තරමක් වැයපස ඉහළ යයි. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. ඥාති මිත්‍රාදීන් සමීපව ක්‍රියා කරයි. මුත්‍රා ආසාදන ඇති කරවයි. ශුභ වර්ණය – කොළ – ජය අංකය – 06

තුලා – ආගමානුකූල ක්‍රියාවනට මුල්තැන දෙයි. ගමන් බිමන් ද යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දුරස්ථ වූ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ඍජු ගුණ මතු කරයි. සෙම් රෝග උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – සුදු ජය අංකය – 03

වෘශ්චික – දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික උත්සව වලට ද සහභාගි වෙයි. තරමක් මිල මුදල් වැය කෙරේ. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ. ශුභ වර්ණය – රතු ජය අංකය – 08

ධනු – ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට සිදු වෙයි. අලංකාර කටයුතු ද යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. සෙම් රෝග ඉදිමුම් රෝග මතු කරයි. ශුභ වර්ණය – අළු පැහැය ජය අංකය – 09

මකර – ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකියි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සිත් සතුටින් දවස ගෙවයි. නමුත් වැයපස ද ඉහළ යයි. සුළුවෙන් හෝ අමතර ලාභ දේ. වාතාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු ජය අංකය – 08

කුම්භ – තරමක් රාජකාරි බහුල තාවයක් පවතී. අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස ද උත්සව ශ්‍රියාවක ගති මතු කරයි. හදිසි ලාභ දේ. මුත්‍රා රෝග උෂ්ණ රෝග මතු වෙයි. ශුභ වර්ණය – රන්වන් – ජය අංකය – 07

මීන – ප්‍රබෝධමත්ව රාජකාරි කටයුතුවල යෙදෙන අතර උත්සව සාද වැනි දේවල් ද යෙදේ. සුහදතා වර්ධන ක්‍රියා යෙදෙන අතර නවක මිතුදම් ඇති වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. බඩවැල් ආශ්‍රිත රෝග මූල රෝග මතු කරයි. ශුභ වර්ණය – දම් ජය අංකය – 01

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here