දින හතෙන් ඩබල් චින් අඩු කරන හරිම ක්‍රමය මෙන්න..

0
16


ඩබල් චින් කියන්නේ බොහෝ දෙනෙක්ට මේ වෙනකොට තියන ගැටලුවක්. එයින් තරමක් දුරට ඔබේ මුහුණේ හැඩය වෙනස් වන නිසා ඔබේ පෙනුමට බලපෑම් ඇති කරන්නට පුළුවන්.ඒ නිසාම ඩබල් චින් තියෙන බොහෝ දෙනෙක් ඒ ගැන පසු වන්නේ අපහසුවෙන්. දින හතක් ඇතුළත ඩබල් චින් නැති කරගන්නා ආකාරය ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසයි.

ඩබල් චින් කියන්නෙ මොකද්ද ? 

ඔබේ නිකට යට තැන්පත් වන submental fat නමින් හඳුන්වන මේද තට්ටුවක් ඩබල් චින් ලෙස හඳුන්වනවා.එය බොහෝ විට ශරීරයේ බර වැඩිවීම නිසා සිදුවන බව පෙන්වා දුන්නත් සමහර විට එය ඊට එහා ගිය කාරණාවක් වුවත් විය හැකියි.

ඩබල් චින් ඇති වීමට හේතු මොනවද ? 

ඩබල් චින් නැති කර ගන්නෙ කොහොමද ? 

ඔබ ගන්නා කැලරි ප්‍රමාණය අඩුකර ගැනීම,වැඩිපුර පලතුරු සහ එළවළු පරිභෝජනය කිරීම , සැකසූ සහ බැදපු ආහාර ගැනීමෙන් වැළකීම, සීනි පරිභෝජනය අවම කිරීම සහ ප්‍රෝටීන් බහුල ආහාර ගැනීම ඇතුළු ඔබේ ආහාර ගැනීමේ රටාවේ සෞඛ්‍ය සම්පන්න වෙනස්කම් සිදුකිරීම මගින් ඩබල් චින් නැති කර ගැනීමට පුළුවන් 

ව්‍යායාම කිරීම ඔබේ සෞඛ්‍යයට හැම අතින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අනවශ්‍ය මේදය දහනය කිරීම සඳහා ව්‍යායාම කිරීම අතිශයින්ම වැදගත්. ඩබල් චින් අඩුකර ගැනීම සඳහාද ඔබට කළ හැකි ව්‍යායාම තිබෙනවා. එවැනි ව්‍යායාමවල නොකඩවාම නිරත වීම මගින් ඔබට ඩබල් චින් නැති කර ගැනීමේ හැකියාව තියෙනවා.

දවසේ කුඩා කාල වේලාවක් ඇතුළත චුයින්ගම් එකක් භාවිතා කිරීමත් ඔබේ ඩබල් චින් නැති කර ගැනීම සඳහා හොඳ ව්‍යායාමයක් ලෙස සැලකෙනවා. ඔබ චුයින්ගම් එකක් හපන විට ඔබේ නිකටේ සහ  මුහුණේ මාංශ පේශීන් අඛණ්ඩව චලනය වන අතර එය මේදය දහනය කිරීමට උපකාරී වනවා.ඊට අමතරව එමගින් ඔබේ හකු වල ශක්තිය ද වැඩි කරනවා. 

ඩබල් චින් නැතිකර ගැනීම සඳහාම නිපදවූ මුහුණු ආවරණ මේ වන විට වෙළඳපලේ තිබෙනවා. ඉතාම උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කරන ලද එවැනි මුහුණු ආවරණයක් වුවත් ඔබට දවසේ නියමිත කාල වේලාවක් තුළ පළඳින්නට පුළුවන්.

ඩබල් චින් අඩු කර ගැනීම සඳහා නිපදවූ සම්බාහන මෙවලම් උනත් ඔබට ඩබල් චින් සඳහා භාවිතා කරන්නට පුළුවන් .මෙවැනි මෙවලම් භාවිතා කිරීම මගින් සමෙ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම , මේදය දහනය කිරීම සහ රුධිර සංසරණය වඩාත් පහසු කරවනවා.

ඔබට වේගවත් සහ ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නම් මෙවැනි පියවරක් සඳහා යා හැකියි.එන්නත් සහ ලේසර් ලෙස ලිපොලිසිස් ප්‍රතිකාර ප්‍රධාන වර්ග දෙකක් තිබෙන අතර ඒවා මගින් ඩබල් චින් සඳහා ඉතා හොඳ සහ ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. 

ඩබල් චින් අඩු කිරීම සඳහා තවත් විකල්පයක් ලෙස Coolsculpting හඳුන්වන්නට පුළුවන්.මෙහිදි  Lipolysis ක්‍රමයේ ලේසර් ක්‍රමයෙදි සිදු කරන මේද සෛල උණු කිරීම වෙනුවට මේද සෛල කැටි කිරීම සිදු කරනවා.එම මියගිය මේද සෛල ඉන්පසුව ශරීරයෙන් බැහැර කරවන අතර ඉතා ඉක්මනින් ඩබල් චින් වලින් ඔබව නිදහස් කරනවා.

දින හතක් ඇතුළත ඩබල් චින් නැති කර ගැනීමට කල හැකි ව්‍යායාම මොනවද ? 

ඔබේ මුහුණ කෙලින් තබා ඉදිරිය බලා ගෙන ව්‍යායාමයට සූදානම් වන්න. 

ඔබේ දිව රෝල් කර හැකි තාක් ඉදිරියට දිගු කරන්න 

එසේ තත්පර දහයක් පහළොවක් අතර කාලයක් රැඳී සිටින්න

ඉන්පසුව හොඳ හුස්මක් ගෙන එම චලනය නැවත නැවත කරන්න.

ඔබේ මුහුණ කෙලින් තබාගෙන දිව එළියට දමන්න 

එම ඉරියව්වෙන් තත්පර පහක් සිට නැවත දිව මුඛය තුළට ගන්න 

මෙම ව්‍යායාමය 12 – 14 වරක් කරන්න

මෙය ඉතාම සරල වගේම පහසු ව්‍යායාමයක්. 

 OO EE ලෙස ශබ්ද නගා කියමින් ඔබේ කම්මුල් , නිකට සහ නිකට යට මාංශ පේශීන් හොඳින් චලනය වන ආකාරයට මෙම ව්‍යායාමය 10- 12 වරක් සිදුකළ යුතුයි.

ඔබේ නිකට සහ ගෙල අතර හොඳින් රඳවාගත හැකි ප්‍රමාණයේ බෝලයක් ගන්න.

එය නිකට සහ ගෙල අතර සිර කර ගෙන සෙමින් තද කරන්න. 

මෙම ව්‍යායාමය 10 – 12 අතර වාරයක් සිදු කරන්න

ඔබේ සිරුර සෘජුව තබා ගෙන ඉහල බලන්න. 

ඉන්පසුව ඔබේ දෙතොල් ඉහල දෙසට හොඳින් උල් කරන්න 

දැන් නැවතත් ඔබේ හිස සාමාන්‍ය ඉරියව්වට ගෙන එන්න

මෙම ව්‍යායාමය 8 – 10 වරක් සිදු කරන්න 

මුලින්ම ඔබේ හිස සෘජුව තබා ගන්න 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here