ශ්‍රී ලංකාවේ රුසියානු සිනමා දින දැක්ම කොළඹ රුසියානු නිවස අංක 10, නිදහස් මාවත, කොළඹ 10 යන ස්ථානයේදී එළැඹෙන නොවැම්බර් මස 01 වැනිදා සිට නොවැම්බර් මස 04 වැනිදා දක්වා පැවැත්වේ.
ඒ අනුව නොවැම්බර් මස 01 වැනිදා තිමූර් භවාන්, අලෙක්සාන්දර් ගුර්යානස් අධ්‍යක්ෂණය කළ සෙන්පති (කමාන්ඩ) ප.ව. 5.00 ට ප්‍රදර්ශනය සිදුකෙරෙන අතර එයට සමගාමීව නාට්‍ය හා චිත්‍රපට නළු කිරීල් සයිත්සෙෆ් සමග නිර්මාණාත්මක හමුවක් ද සිදුකෙරේ. නොවැම්බර් මස 02 වැනිදා අර්ත්යොම් මිනකොෆ්ගේ ජල සූත්‍රය ප.ව. 2.00 ටත් මස්සියුම් බි්‍රයුස්ගේ රුධිර මාදිලිය ප.ව. 5.00 ට ප්‍රදර්ශනය කෙරේ. නොවැම්බර් මස 03 වැනිදා ප.ව. 2.00ට ඩසිලි ලිවානෆ්ගේ රුසියාවේ ලෝකඩ අශ්වාරෝහකයාද ප.ව. 5.00 ට රුසියානු ෆෙඩරේෂනයේ ගෞරවනීය කලා ශිල්පී, සංගීතඥ යූරි පතියෙන්කා සමග නිර්මාණාත්මක හමුවක්ද පැවැත්වේ. නොවැම්බර් 04 වැනිදා කරේන් ෂහ්නසාරස්ගේ හිත්රෝෆ්කා ප.ව. 5.00 ට ප්‍රදර්ශනය ආරම්භ කරන අතර සිනමා නිළි අන්ෆීසා ච්යෝර්නිහ්ගේ නිර්මාණාත්මක හමුවක් සමගින් ශ්‍රී ලංකා රුසියානු සිනමා දින දැක්ම අවසන් වේ.
Saru FM Media