ඇමෙරිකාවෙන්,නෙදර්ලන්තයෙන්,ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් උගත් පාඩම් අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට වැදගත්

0
4

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ පළමු දවසේම මෙහි අවසානය සම්බන්ධයෙන් අවිනිශ්චිත හැඟීමක් ඇති වුණේ.තරගාවලියේ සත්කාරක ඉන්දියාව වගේම පකිස්තානයත් තමන්ට වඩා පහළින් ඉන්න කණ්ඩායම් දෙකක් ඉදිරියේ හොඳටම හිර වුණා.විස්සයි විස්ස ආකෘතියේ ඇත්ත තත්ත්වය තමයි ඒ තරග දෙකම පෙන්නුම් කළේ.ශ්‍රී ලංකාවට වුණත්,මේ තත්ත්වය ඒ විදිහටම අදාළයි.

ඉන්දියාව ඇමෙරිකාව ඉදිරියේ ලකුණු ලකුණු 77 ට කඩුලු 6 ක් අහිමි කර ගන්නවා.එහෙත් ඔවුන් මුළු ලකුණු සංඛ්‍යාව පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු 9 ට ලකුණු 161 ක් දක්වා ඔසවා ගන්නවා.ඒ සූරියකුමාර් යාදෙව් නිසා.
පකිස්තාන තරගයේදී කුමක්ද වෙන්නෙ?
පළමුව පන්දුවට පහර දෙන නෙදර්ලන්තය ලකුණු 147 ට සීමා කරන්නට පකිස්තානු පන්දු යවන්නන් සමත් වෙනවා.එහෙත් නෙදර්ලන්ත පන්දු යවන්නන් එල්ල කළ අභියෝගය සුළුපටු නැහැ.18 වන ඕවරය නිමා වන විට ලකුණු පූවරුව කඩුලු 7 ක් දැවී ලකුණු 119 ක්.ජයග්‍රහණයට ලකුණු 29 ක් පසුපසින්.අත ඇතිව තිබෙන්නේත් කඩුලු 3 ක් පමණයි.

සමහර අවස්ථා එනවා උඩ පන්දුවක් කොයිම විදිහකටවත් අත අරින්න බැරි ඒ නිසාම තරගයේ තීරණය කණපිට පෙරලෙන අවස්ථාවන්.19 වන ඕවරයේ දෙවන පන්දුවේදී නෙදර්ලන්ත ක්‍රීඩක මැක්ස් ඕඩොව්ඩ් අතින් ඒ වැරදීම සිඳු වෙනවා.පකිස්තානයේ අංක 8 පිතිකරුවා වූ ෆාහීම් අෂ්රෆ්ගේ උඩ පන්දුව ලෝග් – ඕෆ් හී දී ගිලිහී යාම නෙදර්ලන්තයේ ජයග්‍රහණය පකිස්තානයට පූජා කළ අවස්ථාව ලෙස හැඳින්විය හැකියි.

ප්‍රතිපලය අෂ්රෆ්ගෙ පිත්තෙන් ලකුණු 24 ක් එම ඕවරයේ වාර්තා වීමයි.ඔහු අංක 8 වුණාට යම් ආකාරයකට පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයෙක්.ඔහු මේ තරගයට යොදා ගන්නෙම ඒ තුන් ඉරියව් හැකියාව නිසා.එහෙත් මේ තරගයේ පන්දු යැවීමට ඔහුව කැඳවීමට අවශ්‍යයතාවයක් පකිස්තානයට යෙදුණේ නැහැ.එහෙත් පන්දුවට පහර දීමට ඔහු කැද වූ අවස්ථාවේ ඕඩොව් විසින් ලබා දුන් අවස්ථාවත් ප්‍රයෝජනයට ගනිමින් අෂ්රෆ් තමන් කණ්ඩායමට කැඳවීමට තීරණය කළේ ඇයි කියන කාරණය ඔප්පු කළා.

ඉන්දියානු නායක සූරියකුමාර් යාදෙව් සිඳු කළෙත් තමන්ගෙන් ඉවතට ඇදී යමින් තිබුණ තරගය තමන්ගේ පසුපෙළ සමග එක්ව නැවත ඉන්දියාව දෙසට හරවා දීම.මේ කාරණාවන් පැහැදිළි කරන්නෙ කුමක්ද?විස්සයි විස්ස අවිශ්වාසය පදනම් වූ තරග රටාවක් වුව ද,ඉවසීම සහ වේගය සමානව පාලනය කළ හැකි අයෙකුට මේ තරග රටාවෙන් කණ්ඩායම්වලට නොසිතූ ජයග්‍රහණ අත් කර දිය හැකි බවය.එසේම සුළු හො වරදකට හෝ ලැබෙන දඪුයම පරාජය බවය.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග රටාව තුළ අඩුම තරමේ අවසාන වරදවත් නොකර සිටිනවානම් වැදගත්ය.දවා ගැනීමට ලබා දෙන අවස්ථාවෙන් ප්‍රතිවාදියා ප්‍රයෝජනයක් නොගන්නේනම් ඊ ළඟ පන්දුවට තවත් එවැනිම අවස්ථාවන් උදා කර දීම ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් සිඳුවන අයුරු පසුගිය කාලයේ නිතර දකින්නට ලැබුණා.

එසේම හොඳ නිමාවකට යා හැකි ඉණිමක් ගොඩ නැඟීමේ දුර්වලතාවය නිතර පෙන්නුම් කිරීමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් නිතර දකින දෙයක්.කඩාවැටීම නැවත්වීම සහ එය පාලනය කරන අතරේම ලකුණු ලබා ගැනීමේ වේගය ස්ථාවරව කළමණාකරණය කිරිම දකින්නට නොලැබීම වගේම පකිස්තානයේ අෂ්රෆ් වැනි විශ්මිත ප්‍රහාරයක් එල්ල කළ හැකි පිතිකරුවෙකු ගැනත් විශ්වාසය තබන්නට ශ්‍රී ලංකාවට අපහසුයි.මෑත කාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනන්‍යතාවය හැදිලා තියෙන්නෙ එහෙමයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here