සුසිනිඳු පැහැපත් සමකට Aloe Vera face packs

0
10


Aloe Vera face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

කෝමාරිකා ජෙල් ඔබේ සමේ තෙතමනය රැකදී නැවුම්ව තබා තරුණබව රැකගැනීමට උපකාරීවේ. මෙම face packඑක සඳහා කහ, මී පැණි හා කිරි තේ හැඳි එක බැගින් ගෙන සහ රෝස වතුර බින්දු කිහිපයක් සමඟ හොඳින් මිශ්‍රකර කෝමාරිකා ජෙල් එකතු කරගන්න. මෙම මිශ්‍රණය ඔබේ මුහුණ හා බෙල්ල මත ගල්වන්න. විනාඩි 20 ක් පමණ තබන්න. ඇල්මැරුණු හෝ ශීතල ජලය යොදා සෝදාහැර පිරිසිදු තුවායකින් තෙත මාත්තුකරන්න.

මෙම කෝමාරිකා ජෙල් face packඑක පැල්ලම්, pimple හෝ තුවාල කැළැල් ඉවත්කරන්නට උපකාරීවේ. රෝස වතුර සමඟ කෝමාරිකා ජෙල් හොඳින් මිශ්‍රකර තලපයක්සේ සකසා මුහුණ මත එය ආලේපකර කර මිනිත්තු 3 – 2 ක් පමණ මෘදුව සම්බාහනය කරන්න. මිනිත්තු 20 ක් පමණ තබන්න. සිසිල් ජලය යොදා සෝදාහරින්න. ඔබේ මුහුණේ සිදුරු පිරිසිදු කිරීමට මෙය කදිම පිළියමක්.

ඔබේ සම සුන්දරව තබා ගැනීමට මෙම Aloe Vera face packs අනිවාර්යයෙන්ම උපකාරීවනු ඇත.

– කලහාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here