මහා පරිමාණ මෝල්හිමියන් කීරි සම්බා සඟවන බවට චෝදනාවක්

0
2

මහා පරිමාණ මෝල්හිමියන් කීරි සම්බා සහල් තොග සැඟවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළේ අද වනවිට සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව ගොවීන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ ඒ හේතුවෙන් රජය කීරි සම්බා සහල්වලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීම හරහා වෙනත් මාෆියාවක් ද නිර්මාණය වන බවය. 

දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් සහ පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවිය පිළිබඳව සති කිහිපයක සිට තොරතුරු වාර්තා වේ.

මෙවන් පසුබිමක දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවිකරන බවට තොරතුරු වාර්තා හෙයින් කීරි සම්බා සහල්වලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව පසුගිය 15වනදා සිට මාසයක කාලයක් තුළ එක් ආනයනකරුවෙකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව පොන්නි සම්බා ආනයනය කිරීමට අවස්ථාව උදාවේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here