ප්‍රංශ කතකට අතවර කළැයි SPA හිමිකරුට පහරදුන් ඉන්දියානුවා අත්අඩංගුවට

0
3

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයකුට පහරදිම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයකු අත් අඩංගුවට ගෙන ඇති බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

පොලිසියට ලැබි ඇති පැමණිලි අනුව තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට සම්භාහනය සදහා ප්‍රංශ ජාතික කාන්තාවක ගොස් ඇත.

එම අවස්ථාවේ සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියගේ සැමියා තමාට ලිංගික අතවරයක් කළ බවට ඇයගේ ඉන්දිය ජාතික මිතුරකුට පවසා ඇත.

පසුව ඒ පිළිබඳ විමසිමට ඉන්දිය ජාතික මිතුරා එහි ගිය අවස්ථාවේ ඇතිවු බහින් බස් විමකදි මෙම පහරදිම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දන්වා තිබේ.

ඒ අනුව සැකකාර ඉන්දිය ජාතිකයා තිස්සමහාරාම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පහරකෑමට ලක්වු පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුලත් කර ඇත.

අතවරයට ලක්වු බව කියන ප්‍රංශ ජාතික කාන්තාවද අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිම සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here