රජයට අයත් ලංකා බැංකුව සහ මහ ජන බැංකුවේ මූල්‍ය තත්වය 2024 අවසන් වනවිට රුපියල් ට්‍රිලියනයක හිඟයක් පැවති බවත් මේ වනවිට එය රුපියල් රුපියල් ට්‍රිලියනයක අතිරික්තක් දක්වා වේගවත් වර්ධනයක් අත්කරගෙන ඇති බවත් හෙළි වේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළ අතර දිත්වා සුළි කුණාටුවෙන් සිදු වී තිබෙන බලපෑම මෙන්ම 2028දී විදේශ ණය ගෙවීම සම්බන්ධයෙන්ද ඇතැම් ප්‍රාර්ශව ගෙනයන ව්‍යාජ ප්‍රචාර පිළිබඳවද ඔහු කරුණු පැහැදිලි කිළේය.
කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය මැයෙන් පසුගිය 06 වනදා කොළඹදී පැවැත්වුණු සමුළුවක් අමතමින් මේ බව සඳහන් කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළ කරුණු පහතින් දැක්වේ,
“දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට කැපී පෙනෙන හානියක් සිදුව තිබෙනවා. නමුත් එම හානිය අපේක්ෂා කළ තරමට වඩා අවම අගයක්. ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පවා වරෙක පැවසුවා එම හානි තක්සේරුව අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් කියලා. රජයට ඊට වඩා සියුම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව නැවත ගොඩනැගීමේ වියදම බොහෝදුරට අපේක්ෂා කළ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. දිට්වා හි බලපෑමෙන් ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්න පුළුවන්. එම සංඛ්‍යාලේඛන නුදුරේදි ලැබෙයි. ලබන වසරේ සිට අපේක්ෂිත ලෙස 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න හැකිවෙයි…
සමහරු 2028දී නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාම හෝ කඩාවැටීමක් සිදුවෙයි කියලා ෆෝබියාවක ඉන්නවා. රජයට සේවා වියදම් ගෙවීමටත් නොහැකි වෙයි කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. අපිට ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට යන්න වුණේ අපි ඉතිහාසයේ කවදාවත් ඩොලරයක් වත් ණය නොගෙවා ඉඳලා නැති නිසා. 2025 වසරේදි අපේ සංචිත භාවිත කරලා අපි ඩොලර් මිලියන 3,934 ගෙවා අවසන් කළා.
මේ වගේ වැඩකට නැති කතා නිසා සිදුවන්නේ ආයෝජකයින්ගේ මනසේ රට ගැන අනවශ්‍ය සැකයක් ඇතිකරන එක.
තවත් පිරිසක් කියනවා දිට්වා හානිය නිසා අපි ණය ගෙවන එක නවත්වන්න ඕන කියලා. මේ වගේ දේවල් ගැන තර්ක කරන්නේ ආර්ථිකය යළි කඩාවැටෙනවට කැමති අය වෙන්න ඕන.
රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා. ආර්ථික දර්ශක, අර්බුදයට පෙර පැවතියාට වඩා හොඳ තත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ගිණුම්වල මුදල් තිබියදී හරියට ස්වෙච්ඡාවෙන්ම ණය පැහැරහරින්නෙක් වගේ අපි ගිහින් කියනවා නම් අපි නම් ණය වාරික ගෙවන්නේ නැහැ කියලා, එවන් රටවල කවුරුත් නැවතත් ණය ලබාදෙන්නේ නැහැ.
සමහරු කියන්නේ නිසි දැනුමක් නැතිව, සමහරු මේවා කියන්නේ ආර්ථිකය කඩා වැටෙයි කියලා බලාගෙන. මම හේතුව දන්නේ නැහැ.”
2
Saru News










