ඇමරිකා ඉරාන සාකච්ඡා තවදුරටත් ඉදිරියට ! – Saru News | සිංහල

0
4

පෙබරවාරි 06 වැනිදා ඕමානයේ පැවති ඉරාන-එක්සත් ජනපද සාකච්චා එකඟතාවයක් නොමැතිව අවසන් වීමත් සමගම ට්‍රම්ප් පරිපාලනය යලි  ඉරානයට නව තෙල් සම්බාධක පනවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. මෙම නව සම්බාධක මගින් තුර්කිය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජ සහිත යාත්‍රා ඇතුළුව ඉරානය සමග තෙල් වෙළඳාමට සම්බන්ධ ආයතන 15ක්, පුද්ගලයින් දෙදෙනෙකු සහ අප්‍රසිද්ධව ඉරාන තෙල් ප්‍රවාහනය කරනු ලබන නැව් 14ක් ඉලක්ක කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත පවසා සිටියේය;

අඛණ්ඩව සිදු වුනු සාකච්ඡා මධ්‍යයේ පෙබරවාරි 06 වන සිකුරාදා සවස, එක්සත් ජනපදය ඉරානයට එරෙහිව නව තෙල් සම්බාධක ප්‍රකාශයට පත් කළේ ඕමානයේ පළමු වටයේ සාකච්ඡා වලින් පැය කිහිපයකට පසුවය. කෙසේවෙතත් ඉරානය සාකච්චා සම්බන්ධයෙන් සඳහන් කළේ “ධනාත්මක වාතාවරණයක්” තුළ ඒවා දෙරට අතර සුහදව සිදුවන බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ තෙල් සහ ඛනිජ රසායනික ද්‍රව්‍ය නීති විරෝධී ලෙස අපනයනය නැවැත්වීමටත්, තෙල් විකිණීමෙන් ලබා ගන්නා ආදායම තමන්ගේම ජනතාවගේ සුබ සිද්ධිය ඉහළ නැංවීම පසෙකලා සහ එහි බිඳ වැටෙන යටිතල පහසුකම්වල යහපැවැත්ම සඳහා ආයෝජනය කිරීම වෙනුවට, ඉරාන ආගමික පාලනය ලෝකය හා කලාපය අස්ථාවර කිරීමේ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයීම සහ ඉරානය තුළ එහි මර්දනය තීව්‍ර කිරීම දිගටම කරගෙන යාම නතර කිරිමටත් කැප වී සිටින බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටොමී පිගොට් මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඉරාන විදේශ ඇමති Abbas Araghchi මේ සම්බන්ධයෙන් සඳහන් කලේ ඇමරිකාව සමග සාකච්ඡා “දිගටම” සිදු කිරීමට තම රජය එකඟ වී ඇති බවත්, සාකච්ඡා සුමටව පවත්වාගෙන යාම සඳහා වොෂින්ටනය තවදුරටත් තම රටට හා ආගමික නායකයින්ට එරෙහිව සිදු කරන “තර්ජන” වලින් වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා සිටියේය.

න්‍යෂ්ටික ගැටළු සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ පැවති සාකච්ඡාවලින් පසු දින, ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi ප්‍රකාශ කළේ තම රටේ බැලස්ටික් මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ “කිසිදා සාකච්ඡා කළ නොහැකි” බවයි. මන්ද එය ආරක්ෂක කාරණයක් වන බැවිනි, යයි ඔහු පවසා සිටියේය.

“න්‍යෂ්ටික අවි ප්‍රවර්ධනය කිරීම අපගේ අහිමි කළ නොහැකි අයිතියක් වන අතර අපගේ ආරක්ෂාව සඳහා එය දිගටම කරගෙන යා යුතුය. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට හා කලාපයේ අනෙකුත් රටවලට සහතිකයක් ලබා දීමේ ගිවිසුමකට එකඟ වීමට අපි සූදානම්! ඇමරිකානු නියෝජිත පිරිස සමඟ සාමය සඳහා අතට අත දීමට අවස්ථාවක් උදා වීම යහපත් තත්වයක්. එහෙත් යම් ආකාරයකින් එක්සත් ජනපදය තම රටට පහර දුන්නොත් ඇමරිකානු භූමියට පහර දිය නොහැකි වුවත් මැද පෙරදිග කලාපයේ සියළු ඇමරිකානු කඳවුරු ඉලක්ක කරමින් පහර දෙනවා” යයි  Abbas Araghchi පෙබරවාරි 07 වන සෙනසුරාදා තවදුරටත් අනතුරු ඇඟවීය.

ජනවාරි මස මුලදී ඉරානය පුරා ඇවිලී ගිය මහා පරිමාණ ආණ්ඩු විරෝධී විරෝධතා මැඩපැවැත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට මිලිටරි මැදිහත්වීමේ තර්ජන තීව්‍ර කර ඇති අතර ගල්ෆ් කලාපයට සැලකිය යුතු නාවික හමුදාවක් ද යොදවා ඇත. එක්සත් ජනපදය විසින් තවදුරටත් තම වෙළඳ හා ආර්ථික සම්බාධක මගින් ඉරානය සමග සම්බන්ධකම් පවත්වන පුද්ගලයින් සහ ආයතන තහනම් කරනු ලබන අතර ඔවුන්ට අයත් සියලුම වත්කම් ද රාජ සන්තක කරනු ලබයි.

සාකච්චා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ

“ඉරානය සමග අපි ඉතා හොඳ සාකච්ඡා පැවැත්වුවා; ඉරානය එකඟතාවයකට පැමිණීමට ඉතා උනන්දුවෙන් සිටින බව පෙන්නුම් කරනවා. ඉරානය සමඟ පැවති හමුව එක් හමුවීමක් පමණයි. අපි ලබන සතියේ මුලදී නැවත හමුවෙමු,” යයි ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.


24

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here