138වන චීනයේ කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

0
2

138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (15) චීනයේ Guangzhou නගරයේ දී ආරම්භ විය. 

මෙවර ප්‍රදර්ශනය රටවල් සහ කලාප 218 ක ගැණුම්කරුවන් දෙලක්ෂ හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර තිබේ.

ප්‍රදර්ශනය සඳහා වන පූර්ව ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව ද 10% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මෙවර කැන්ටන් වෙළඳ ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් මිලියන 1.55 ක කලාපයක් ආවරණය වන පරිදි වෙන් කර ඇති අතර, අංශ 13ක් ඔස්සේ ප්‍රදර්ශන කලාප 55ක් එහි ස්ථාපිත කර ඇත.

සේවා රොබෝ කලාපය මෙවරත් අඛණ්ඩව පැවැත්වෙන අතර, ස්මාර්ට් සෞඛ්‍ය සේවා කලාපය නව අංශයක් ලෙස එක් කර තිබීම විශේෂත්වයකි.

මේ සියල්ල සමඟින් ප්‍රදර්ශන කුටි 74,600ක් මෙවර ස්ථාපිත කර ඇති අතර ඊට  ව්‍යාපාරිකයින් ඇතුළු 32,000 ඉක්මවූ ප්‍රදර්ශකයින් පිරිසක් ඉදිරිපත් වීම කැන්ටන් වෙළඳ ප්‍රදර්ශන ඉතිහාසයේ වාර්තාගත ඉහළම අගයක් බව සඳහන් වේ. 

අපනයන ව්‍යාපාර අතරින් 3600ක් පමණ මෙවර ප්‍රදර්ශනය සඳහා මුල් වරට එක් වන අතර ඊට අමතරව එක් වන අධි තාක්‍ෂණික, විශේෂිත, නවෝත්පාදන සහ ඇතැම් ක්ෂේත්‍රයන් හි පුමුඛයන් ලෙස පිළිගත් ඉහළ පෙළේ සමාගම් සංඛ්‍යාව ද පළමු වරට 10,000 ඉක්මවා යාමත් විශේෂත්වයකි. 

කැනටන් වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් මස 04 වනදායින් අවසන් වීමට නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here