මරවින් ජනාගේ බඩොවිට ආශා අත්අඩංගුවට

0
2

ගල්කිස්ස, බඩොවිට තුන්වැනි අදියර පදිංචි ,බඩොවිට ආශා, නැමැති කාන්තාව අයිස් ග්‍රෑම් 60 ක් සමඟ දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මෙම කාන්තාව මීට පෙර එනම් 2017 වර්ෂයේදී ද හොරොයින් ග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. ,බඩොවිට ආශා, නැමැති මෙම සැකකාර කාන්තාව තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවකු මෙන්ම අපරාධකරුවකු වන ,මර්වින් ජානා, නැමැත්තා සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර කලක සිට ඔහුගේ මත්ද්‍රව්‍ය විකීණිමද සිදුකරගෙන ගොස් තිබේ.

මර්වින් ජානා, අත්තිඩිය ,පොඩි චානා, ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරැවන අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා එළියට පැමිණියේ පසුගිය මාසයේය. එපමණක් නොව කලක් ඔහු , කුඩු දිලිනි, නැමැති කාන්තාව සමඟද සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබුණි.

බන්ධනාගාරයෙන් ඇප ලබා එළියට පැමිණි ,මර්වින් ජානා, විදෙස් රටක සැඟවී සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවකු වන ,රසල් ස්මිත්, සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයටද සම්බන්ධවී කටයුතු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here