කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රු. කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පැවසුවේ, මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 300ක ඉලක්කයකට ළඟාවීමට තම ආයතනය බලාපොරෝතුවන බවය.
කුරුඳු නිෂ්පාදන අතරින් වැඩිම ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ කුරුඳු කූරු වන අතර, ඉන් අ.ඩො. මිලියන 251ක ආදායමක් උපයාගෙන තිබේ.
සෙසු ආදායම් ලැබී ඇත්තේ කුරුඳු පොතු, කොළ හා තෙල්වලින්ය.
මෙය මෙරට ඉතිහාසයේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉහළම ආදායමක් ලැබූ වර්ෂය ලෙස සැලකෙයි.
Saru News










