ගල්කිස්ස උසාවියට භාරවුණු වන්නිනායකට ඇප

0
2

ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියකු සමග මත ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියට සම්බන්ධ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කළේය.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා නීතිඥවරුන් කණ්ඩායමක් සමග ඊයේ සවස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ඊයේ සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වන්නිනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා දැනුම් දුන්නේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බවය.

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා සඳහන් කළේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රදානය කිරීමට තම අධිකරණයට නොහැකි බවය.

පෙත්සම්කාර නීතිඥවරයා මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සුදුසු බවත් මෙහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව ඊයේ සවස නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙසේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඉහත නියෝගය නිකුත් කෙරිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here