සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුව සිටි ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට පත්වූ පාතාලයේ 6 දෙනා ඊයේ සවස කටුනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙන එනු ලැබූහ.
ඇය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල හා පොලිස් පරීක්‍ෂක ගිහාන් ද සිල්වා යන නිලධාරීන් භාරයේ ඔවුහු මෙසේ රැගෙන එනු ලැබූහ.

ඊයේ ප.ව. 6.52 ට පමණ එම පිරිස රැගෙන එන ලද ශ්‍රී ලන්කන් යූ.එල්. 182 ගුවන්යානයෙන් මෙරට පොලිස් නිලධාරීන්ට අමතරව නේපාලයේ පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් පැමිණියහ.
ගුවන්තොටුපළ හා අවට දැඩි ආරක්‍ෂාව යොදා තිබිණි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
ටී. කේ. ජී. කපිල – ගුවන්තොටුපළ
Saru FM Media