ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අද (07) උදෑසන 10.00 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි මවක් සහ 13 හැවිරිදි දියණියක් බව පොලීසිය පවසයි.
කරපිංචා ගසක කරපිංචා කඩමින් සිටියදී, බිම වැටී තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් දෙදෙනාට විදුලි සැර වැදී මෙම මරණ සිදුව ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහා පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
Saru News










