කෝපායි පොලිසිය ඉවත් කෙරේ

0
3

යාපනය අධිකරණයේ නියෝගයක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි කෝපායි පොලිසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇත.
එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනකුට අයත් නිවාස 8ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් 7ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කිරීමත් සමගම මෙම තීරණය ගෙන තිබේ.
යාපනය අධිකරණයේ පිස්කල්වරයා විසින් එම නිවාස හිමිකරුවන්ට අධිකරණයේ නියෝගය ලබාදි ඇති බව පොලිසිය පැවසීය.
ඒ අනුව තාවකාලිකව යාපනය පොලිසිය කෝපායි බල ප්‍රදේශයට අයත් පැමිණිලි භාරගනු ඇත.
මේ වනවිට ආරක්ෂක හේතුන් මත කෝපායි පොලිසියේ අවි ගබඩාවද යාපනය පොලිසියට රැගෙන ගොස් තිබේ.
තවත් මාස දෙකකින් පමණ කෝපායි පොලිසිය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here