‘දිට්වා’ නිසා මව-පියා හෝ දෙදෙනාම අහිමි දරුවන් 103ක්

0
5

‘දිට්වා’ නිසා මව-පියා හෝ දෙදෙනාම අහිමි දරුවන් 103ක් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ ඊයේ (06) පැවති වැඩසටහනක දී ඇය මෙම කරුණු අනාවරණය කළාය.

ඒ අනුව එම දරුවන් රැකබලා ගැනීමට මෙන්ම ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත වෙනම වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇය පැවසුවාය.

මෙහිදී අමාත්‍යවරිය පවසා සිටියේ, දෙමාපියන් නොමැති දරුවන් භාරගැනීමට කැමති බොහෝ දෙනෙකු ඉදිරිපත්ව සිටින බවය.

ඒ අනුව එම දරුවන් සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රමවේද අනුගමනය කර, අධිකරණ නියෝගයන්ට යටත්ව එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් ඇය පැවසීය.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය තුළ අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් වැඩිවී ඇති බවත්, එවැනි තත්ත්වයන්ට මුහුණදෙන අයට රැකවරණය ලබාදීමට නිසි ස්ථානයක් නොමැති බවත් මෙහිදී අනාවරණය විය.

තවද බදුල්ලේ නව ප්‍රවණතාවය ලෙස සයිබර් හිංසනය ඉහළ ගොස් ඇති බවත් සඳහන්. 

මේ අතර මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ, දෙමව්පියන් විසින් දරුවන්ට පහරදීම් වැඩිම සිදුවනනේ බදුල්ලේ බවය. 

කෙසේ නමුත් ලංකාවේ වැඩිම ළමා අපරාධ සිදුවෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයෙන් බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here