සන් ක්‍රීම් එකක් මේ වගේ රස්නේ වැඩි කාලෙක අනිවාර්යයෙන් අපි ළඟ තියෙන්නම ඕනෑ. අව්වට සම දුර්වර්ණ නොවෙන්න වගේම හිරු කිරණ නිසා ඇති වන විවිධ සමේ රෝග වළක්වා ගන්නත් අපි සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නම ඕනෑ.
සන් ක්‍රීම්, සන් බ්ලොක්, සන් ප්‍රොටෙක්ෂන් සහ සන්ස්ක්‍රීන් ලෝෂන් ලෙස වෙළඳ පොලේ විවිධ වෙළද නාමයන් යටතේ ඔබට සන් ක්‍රීම් මිලට ගන්න පුළුවන්.
හිරු එළියේ ඇති අහිතකර UV කිරණ මගින් අපේ සම හානි වීමකට ලක් වෙනවා. ඔබ බොහෝ වෙලාවක් අව්වේ සිටියොත් අහිතකර පාරජම්බුල කිරණට ඔබේ සම නිරාවරණය වෙලා සම දුර්වර්ණ වෙනවා. ඔබ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් හිතකර හිරු කිරණ වලින් ඔබේ සම ආරක්ෂා වෙනවා.
ඔබ දවසේ වැඩි වෙලාවක් හිරු එලියට නිරාවරණය වෙලා ඉන්නවා නම් සන් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම නුවණට හුරුයි. නැත්නම් අධික ලෙස සම වියළී යාම නිසා කොරළ වැනි තත්වත් දාඩිය බිබිලි, සමේ ආසාදන තත්වයන් ද ඔබට ඇති වෙනවා.
අපේ සම හිරු කිරණට නිරාවරණය වූ විට සම වියළී යනවා .වියළි සහ පිලිස්සුණු සමක් ඔබේ පෙනුමට වියපත් බවක් එක් කරනවා. බොහෝ සන් ක්‍රීම් තෙල් ගතියෙන් යුතුයි. ඔබේ සම වියලි සමක් නම් සන් ක්‍රීම් නිසා සම අව්වෙන් ආරක්ෂා වෙනවා වගේම සමේ වියලි බවත් නැතිවෙනවා.
සන් ක්‍රීම් එකක් තෝරා ගනිද්දී එහි ඇති SPF අගය ගැන සැලකිලිමත් වන්න. SPF අගයෙන් කියවෙන්නේ Sun protection factor. (සම පිළිස්සීම අවම කරන අගය )
SPF 15, 20,30 සහ ඉහළ අගයන්ගෙන් යුතු සන් ක්‍රීම් වෙළඳ පොලේ තිබෙනවා. නමුත් ලංකාවේ අපිට හරියන්නේ SPF 30 හෝ ඊට වඩා වැඩි සන් ක්‍රීම් වර්ගයි
මේ විදියට සන් ක්‍රීම් පාවිච්චි කරනවා නම් තද හිරු රශ්මිය ඔබට තව දුරටත් හිරිහැරයක් වෙන්නේ නැහැ.
Saru FM Media