මාදැල් ධීවරයින් ඇරඹූ සත්‍යග්‍රහය අඛණ්ඩව තෙවන දිනටත්

0
3

ට්‍රැක්ටරයකට සවිකරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදුකරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ධීවරයින් පිරිසක් ඇරඹූ සත්‍යග්‍රහය අද (7) තෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

අදාළ තහනම ඉවත් කරන්නැයි ඉල්ලා මුලතිව් හා කෝකිලායි ඇතුළු ප්‍රදේශ කිහිපයක මාදැල් ධීවරයන් පිරිසක් පෙරේදා (5) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේය.

ඔවුන්ගේ ගැටලු පිළිබඳව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහතා සමග ධීවරයන්ට සාකච්ඡාවක් හිමිවූව ද එය අසාර්ථකවී තිබූ අතර, ඒ හේතුවෙන් ඊයේ (6) දිනයේදී එම පිරිස කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද බැහැදැක සිය ගැටලු ඉදිරිපත් කළහ.

එමෙන්ම ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා හා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග ධීවරයන් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවද අසාර්ථක වී ඇත.

අදාළ ගැටලුවට ප්‍රතිචාර දක්වමින් ධීවර අමාත්‍යාංශය පවසා සිටියේ, මාදැල් නියෝග මාලාවෙන් බැහැරව ඇතැමුන් ක්‍රියාකිරීම නිසා දැඩි ලෙස පරිසරයට හානි සිදුවන බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here