නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW:
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පදනම් කරගෙන පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය අද සටහන් වෙනවා.ශ්‍රී ලංකාවේ සමාරම්භක තරගය ලෙස පැවත්වෙන්නේ පකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගයයි.මේ තරගය එස්එස්සී පිටියේදී පෙරවරු 11.00 ට ආරම්භ වන අතර එස්එස්සී පිටිය විදුලි ආලෝක මධ්‍යයේ තරග පැවත්වීමට සුදුසු මට්ටමට පත් කිරීමෙන් ඉනික්බිතිව එම පිටියේ පැවත්වෙන පළමු තරගයද මෙය වෙනවා.
මෙම ලෝක කුසලානයේ සමාරම්භක තරගයට කොළඹ SSC පිටිය මහජනතාවට නොමිලේ විවෘත වන අතර ඒ අනුව, SSC පිටියේ 5 සහ 7 ගේට්ටු පෙ.ව. 9:30 සිට මහජනතාවට විවෘතව තැබෙනවා.
Saru News








