සජිත්ගේ ළඟම ගෝලයා පාසිකුඩා ප්‍රහාරකයන්ගේ සාක්කුවේ සිට අධිකරණයට අපහාස කරයි… – Saru News | සිංහල

0
4

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තීවරයෙකු මෙන්ම සජිත් පේ‍්‍රමදාසගේ සමීපතමයෙකු ලෙස කි‍්‍රයාකරන මුජිබන් රහුමාන් පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස කරනු ලැබීය.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී මුජිබන් රහුමාන් ඍජුවම ප‍්‍රකාශ කළේ පාස්කු නඩු විභාගය පවත්වන ති‍්‍රපුද්ගල මහාධිකරණය කැලෑ උසාවියක් බවය. එමෙන්ම ඇමති බංගලාවක සිට දොරවල් වසාගෙන නඩු අසන බවත් දිනපතාම නඩු විභාග කිරීම සම්බන්ධයෙන්ද විවේචනය කරමින් ඔහු අදහස් දක්වනු ලැබීය.

පාස්කු දිනයේ එල්ල කළ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ වින්දිතයන් සහ හුදු මහත් සමාජයම ඉල්ලා සිටි යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් තිපුද්ගල මහාධිකරණය දිනපතාම නඩු විභාග කරමින් සිටී. එසේ නඩු විභාග කරමින් තිබෙන අධිකරණයක් කැලෑ උසාවියක් ලෙස නම් කිරීමෙන් ජාත්‍යන්තරයට ලබා දෙන සංඥාව රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අතිශය බරපතළ බව විචාරකයන් පෙන්වා දී තිබේ. එමෙන්ම මුජිබන් රහුමාන් පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවාවී මෙවැනි බරපතළ ප‍්‍රකාශ සිදුකරන්නේ එම ඝාතකයන්ගේ සාක්කුවට වැටී සිටීමෙන් බවට තහවුරු වන්නේ යැයිද විචාරකයන් පෙන්වා දී තිබේ.


7

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here