පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

0
3

පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (15) අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංච සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු රැකියාව ලෙස පතල් කැණීම් කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස පස් කන්දක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

පස්සර පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here